අළුත් ජනපති හා මර්ධන නීති

වෙන බොහෝ අංශවලටත් කලින් මර්දන නීති සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයා පැරණි සම්ප්‍රදායන්ගෙන් මිදී පාලකයකු ලෙස සිතන්නට පටන් ගෙන ඇති බවක් ඇඟවේ. ඔහුගේ නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගියදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වර්ණනා කරමින් අදහස් දක්වා තිබිණි. දේශපාලන මර්දන කටයුතු සඳහා එය භාවිතා නොකරන බවක් ඔහු කියා තිබිණි. (මෙම නීති අධ්‍යක්ෂ ජනරාල් තනතුර ද නීතිපති දෙපාර්තමේන්තුවක් හා ස්වේච්ඡා ජනාධිපති නීතීඥ සමූහයක්ම සිටිද්දී අලුතින් නිර්මාණය කරන ලද එකකි.)

ලංකාවේ කිසිදු ආණ්ඩුවකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට ඊනියා සිවිල් සමාජය ඉඩ දෙන්නේ නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට පසුගිය කාලයේ යෝජනා වූ ප්‍රති ත්‍රස්ත පනත ද මදි යැයි සිවිල් සමාජය උද්ඝෝෂණ කළේය. ත්‍රස්තවාදයට එරෙහි සියලු විශේෂ නීති සියල්ල ඉවත් කර සාමාන්‍ය නීතිය යටතේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බව ඔවුන්ගේ තර්කයයි.

විධිමත් නීතියක් ගෙනැවිත් මේ ප්‍රශ්නය අවසන් කළොත්, රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන අප වැනි අයට ඒ ප්‍රශ්නය ගැන වසරින් වසර ව්‍යාපෘති කිරීමට තිබෙන අවස්ථාව අහිමි වේ.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව ද මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුවත් අලුතෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටියි. ඒ අරුගම්බේ ප්‍රහාර තොරතුර සම්බන්ධයෙනි.

අජිත් පැරකුම් ජයසිංහ

Social Sharing
නවතම පුවත්