මහ ඡන්දය ගැන මැකෝගෙන් නීතිපතිට වාර්තාවක්

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් දෙන්නයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. එම පෙත්සම් විභාගය නොවැම්බර් 4 වන දිනට යෙදී තිබේ.

මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බැවින් එය බලරහිත කරන ලෙස ද මෙම පත්සම්කරුවන් විසින් ඉල්ලා තිබුනි.

ඒ අනුව, නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මැතිවරණයේ දිනය සහ එම මැතිවරණයට අදාළව මෙතෙක් කර ඇති සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති අතර ඊට අදාල සම්පුර්ණ වාර්තාවක් මැතිවරණ කොමිසම විසින් පසුගියදා නීතිපතිවරයා වෙත භාරදී ඇති බව වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්