ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන හතලිහකට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන වදහිසංවාට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ දෙදින වැඩමුළුවක් පසුගියදා වැලලවත්ත හොටෙල් මිරාජ් හි දී පැවැත් විය. මෙහිදී වදහිංසාවට එරෙහිව ස්ථාපිත කර ඇති නීති ක්‍රියාත්මක වන ආකාරයත්, ශ්‍රී ලංකා රජය වදහිංසාව වැලැක්වීම සදහා ගෙන ඇති ක්‍රියා මාර්ගයන්හි ප්‍රායෝගික තත්තවය හා වදහිංසාවට එරෙහි එකමුතුවේ පසුගිය වසරේ ක්රියාකාරීත්වයේ ප්‍රගතීන් පිළිබදවත් මෙහි දී විශේෂයෙන් සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ වදහිංසාව අපරාධ වරදක් කරමින් 1994 වර්ෂයේ දී සම්මත කරණු ලැබු වදහිංසාවට එරෙහි සම්මුති පනතට වසර 30ක් ගතවීම පිළිබදවත් මෙහි දී සාකච්ඡා විය. ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාව සදහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් වදහිංසාව වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේ රජයේ දෙබිඩි පිලිවෙත පිළිබදව අදහස් දැක්වූවාය. පහත දැක්වෙන්නේ ඔහු දැක් වූ අදහස් වල සම්පින්ඩනයකි.
වදහිංසා වැලක්වීමේ පනතට 30 අවුරුද්දක් පිරීම අරභයා කරනු ලබන තක්සේරු කිරීමක්
වදහිංසා පනත එනම්, 1994 අංක 22 දරන වදහිංසාව හා කුරිරු අමානුෂික සැලකීම් වලට එරෙහි සම්මුති පනත ලංකාවේ නීතියක් බවට සම්මත වී මේ වසර වන විට අවුරුදු 30ක් සම්පුර්ණ වේ. මෙම අවුරුදු 30 කාලය තුල වදහිංසා වැලැක්වීම සම්බන්දයෙන් ලංකාව තුල ඇති වී ඇති ප්‍රගතිය කුමක්ද යන්නත් එසේ ප්‍රගතියක් ඇතිවීමට බාධා වී ඇත්තේ මොනවාද යන්න හදුනා ගැනීමත් අවශ්‍යව ඇත.
දශක 3ක් වනාහි දීර්ඝ කාලයකි. එවැනි දීර්ඝ කාලයක් තුල පවතින යම් පනතක් නිසියාකාරව ක්‍රියාත්මක වීමට මෙම කාලය හොදටම ප්රමාණවත්ය. එ් නිසා මෙම වදහිංසා තුරන්කිරීමේ පනත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම සම්බන්ධව සලකා බැලීම මෙම ලිපිය මගින් සිදු කෙරේ.
වදහිංසා පනත වෙනත් වදහිංසාවට සම්බන්ද නීති අතර ඇති වෙනස නම් වදහිංසා පනත මගින් වදහිංසාවක් හෝ කුරිරු අමානුෂික ක්‍රියාවක් සිදු කිරීම අපරාධයක් වශයෙන් නිර්වචනය කර ඇති අතර, එම අපරාධයට සැලකිය යුතු දඩුවමක් එනම් අවුරුදු 7ක අනිවාර්ය සිරදඩුවමක් හා දඩයක් නියම කර තිබේ. මෙම අපරාධය සම්බන්දයෙන් නඩු පැවරීම් සාර්ථකව කෙරී තිබේ දැයි යන ප්‍රශ්ණය නැගුවහොත් එහිදී කනගාටුවෙන් වූවත් ප්‍රකාශ කල යුතු වන්නේ වදහිංසාවට අපරාධයක් සේ සලකා දඩුවම් පැමිණවීමේ ක්‍රියාව ඉතාමත් අඩු මට්ටමකින් සිදුවී තිබෙන බවය. එනම් වදහිසාව නැමති අපරාධය සිදුවී ඇති ප්‍රමාණය හා එම අපරාධයට විරුද්දව පවරා ඇති නඩුවල ප්‍රමාණය සංසන්දනය කලහොත් ඇත්තෙන්ම සිදු වන අපරාධ වල ප්‍රමාණයෙන් සියයට දශම ගණනකටවත් වඩා අඩු නඩු පැවරීමක් සිදුවී ඇති බව ඉතා පැහැදිලිය.
අපරාධයක් වශයෙන් සලකා නඩු පවරා ඒවා සාර්ථකව නිමකල නඩු ප්‍රමාණයද අතිශයින්ම සීමා සහිතය. ඉතා ස්වල්පයක් පමණක් නඩු අවසානයක් දක්වා පවත්වාගෙන ගොස් ඒවායේ වැරදිකරුවන්ට දඩුවම් පැමුණ වූ අවස්ථා ඇත්තේ සුලු වශයෙන් පමණකි. එසේ සාර්ථකව නඩුවක් කෙරෙන අවස්ථාවලදී පවා එම නඩුව සදහා ගත වී ඇති කාලය අති විශාලය. සමහර නඩු අවුරුදු 20ක් අතර කාලය පවා ඇදී ගොස් ඇත. ඒවා සමහරක් පවා පවත්වාගෙන යමාට හැකි වූ එකම හේතුව වූයේ වින්දියන්ගේ පවුල් වල ඇති අධිෂ්ඨානය හා ඔවුන්ට වෙනත් ආකාරවලින් ලැබනු සහයෝගය නිසා පමණි. එහෙත් එවනි දීර්ඝ කාලීනව ප්රයත්නයක් දරාගෙන සිටීමේ හැකියාව බොහෝ වින්දිත පවුල් වලට නොමැත. ඒ වෙනුවෙන්ම එවනි පවුල් සදහා පවතින ආධාර ක්‍රමද දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ හැකියාව විවිද මානව හිමිකම් සංවිධාන වලට පවා ඇත්තේ නැත. මේ සියල්ල සලකා බලන කල මෙම පනත ක්‍රියාත්මක කිරීම මගින් වදහිංසාව තුරන් කිරීම සදහා ලබා දී ඇත්තේ ඉතා සුළු දායකත්වයක් බවය.
මේ පනත ක්‍රියාත්මක විමට පවතින ප්‍රධානතම බාධා මොනවාදැයි සලකා බැලීම අනාගතයේ මෙම පනත සම්බන්දයෙන් කුමක් සිදුවිය හැකිදැයි යන්න සලකා බැලීමේ දී වැදගත් වේ.
මෙම පනත ක්‍රියාත්මක නොවීමට බලපාන ප්‍රධාන කරුනු නම්,
- මෙම පනත ක්‍රියාත්මක කරවීමට විරුද්ධ රාජ්‍ය ප්‍රතිපත්තියක් පවතින බව ඉතා පැහැදිලිව පෙනේ. නීති පිළිබදව බලපවත්වන පළමුවන අවබෝධය නම් නීතියක් යනු අනිවාර්යෙන්ම රටක් තුල ක්‍රියාත්මක කර වන විධානයක් බවය. අපරාධයක් යැයි යම් දෙයක් නම් කළහොත් එහි අර්ථය යම් අපරාධයක් වැලැක්වීම සදහා ගතහැකි සෑම ප්රයත්නයක්ම රජයක් විසින් ගැනීමට බැදී සිටිනවා පමණක් නොව රජයට එම අපරාධය වැලැක්වීමේ උවමනාවක්ද පවතින බවය. එහෙත් වධහිංසාව පිළිබදව පවතින්නේ මෙවනි පැහැදිලි ප්රතිපත්ථියක් නොවේ. රජයට ඇත්තේ දෙබඩි ප්රතිපත්තියකි. එනම් භාහිර වශයෙන් ප්‍රකාශ කරන කල එනම් ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හා වෙනත් තැන් වලදී එමෙන්ම නිල වශයෙන් රට ඇතුලේදී වධහිංසාවට විරුද්ධව හා එය වැලැක්වීමේ ප්‍රතිපත්තිය පක්ෂ මතයක් රජයක් ප්‍රකාශයට පත් කරන නමුත් රට තුලදී එනම් ආයතනිකව පවතින්නේ වදහිංසාව පවත්වාගෙන නොගොස් රටේ පොලිස් ක්‍රමයක් පවත්වාගෙන යාමට බැරි බවත් විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ පැවැත්වීම සාර්ථකව කර ගත නොහැකි බවත්ය. මෙම ප්රතිපත්ථිය මූලික වශයෙන්ම අඩු ආදායම් ලබන අය සම්බන්ද වූ අපරාධ වලදී වඩාත් තදින් ක්‍රියාත්මක වන අතර පොදුව් ගත් කල සමස්ථ අපරාධ මර්ධන දර්ශනවාදය හා එය ක්‍රියාත්මක කරන ආකාරය අනුව ලංකාව තුල ඇත්තේ අනිවාර්යෙන්ම වදහිංසාව සදහා අයිතිය රටේ පොලිසියට හා වෙනත් බලධාරීන්ට පවතින බවයි. වදහංසාවෙන් ලබාගන්නා සාක්ෂියක් අධිකරණයේදී පාවිච්චි නොකරනවාය යන්න සංකල්පය හා වදහිංසා නොකරනවාය යන සංකල්පය එකක් නොවේ. වදහිංසාවෙන් ලබාගත් තොරතුරු වෙනත් ආකාරවලින් අධිකරණ ඉදිරියට ගෙන ආ හැකිය. එහෙත් මුල් තොරතුරු එකතු කිරීම වදහිංසාව මගින් එකතු කිරීම අපරාධ වැලැක්විය නොහැකිය යන සංකල්පය ආයතනිකව මුල් බැසගෙන ඇති තාක්දුරට එය අපරාධයක් හැටියට සලකා දඩුවම් කිරීම අමාරු කාරනාවක් බවට පත්වේ. මන්දයත් එක් අතකින් වදහිංසාව කිරීමෙන් හෝ අපරාධ සම්බන්දයෙන් කටයුතු කරන පොලිස් නිළධාරීන් උනන්දු කරවීමත් එසේ කල විට ඔවුන්ට දඩුවම් කිරීමත් යන කාරනා දෙකට එක විට කල නොහැකිය. මේ නිසා මේ දෙබඩි ප්රතිපත්ථිය පවතියි. එම දෙබඩි ප්රතිපත්ථිය අවශ්‍යම ප්රතිපත්ථියද එසේත් නැත්නම් එය වෙනස් කල හැකි දෙයක්ද යන්න ගැඹුරින් සොයා බලා කටයුතු නොකොට හුදෙක්ම වදහිංසා පනත ක්‍රියාත්මකි කිරීම හෝ වදහිංසා වැලැක්වීම පිළිබදව කරන කතාව බොහෝ දුරට ඉතා කුහක කමක් යටපත් කරගෙන ඇති සාකච්ඡාවකි. මේ තුල අභ්‍යන්තරව කුහක ප්රතිපත්ථියක් පවතී. එහෙත් රාජ්‍ය ප්රතිපත්ථියකට කුහක කමක් ඇතුව පැවතිය නොහැකිය. මේ නිසා මෙවැනි කුහක ප්රතිපත්තියකට හේතු වන සමාජීය කරනු මොනවාද? ඒවා සාධාරණ කරන්නන් ඒවා සාධාරණ කරන්නේ කෙසේද? එම සාධාරණ කිරීම් වල ඇති වැරදි සහ දර්ශණවාදී චින්තය කුමක්ද? ඒ වෙනුවට විකල්ප අවබෝධයක් ඇති කරන්නේ කෙසේද ආදී කරුනු වදහිංසාව පිළිබද කාරණාවට බද්ද කර සාකච්ඡා නොකළහොත් මේ පිළිබද කෙරෙන සාකච්ඡාවද ඉහත කී කුහක කම පිළිබිබු කරන සාකච්ඡාවක් බවට පත්වේ.
- වදහිසාව පිළිබදව පවතින මෙම දෙබඩි හා කුහකත්වයට හේතු වශයෙන් එය වෙනුවෙන් පෙනී සිටින්නන් ප්‍රසිද්දියේ නොකීවත් අප්‍රසිද්දියේ කියන ප්‍රධාන හේතු මේවාය. ලංකාව පොහොසත් රටක් නොවේ, මේ නිසා දියුනු රටවල මෙන් පවතින පරීක්ෂණ ක්රමයන් පවත්වාගෙන යාමේ වියදම දරා ගැනීමට නොහැකිය. එවනි තත්වයක් තුල දියුනු රටක පවත්වාගෙන යන වර්ගයේ අපරාධ පරීක්ෂණ ක්‍රම මගින් කටයුතු නොකල හැකි නිසා අපට පුරුදු ආකාරයෙන් හා අතීතයේදී ඇති පලපුරුදු වඩා පහසු හා ලාබදායී විදි ක්‍රමයක් අනුව අපරාධ මර්ධනය සදහා යොමුවීම වඩා සුදුසුය. මෙම ක්‍රියාව අන් සියල්ලටම වඩා ලෙහෙසියෙන් කල හැක්කේ වදහිංසාව මාර්ගයෙනි. වදහිංසාව මගින් ඕනෑම අයෙකු භය කර ඔවුන් ලව්වා කතා කලහැකි බවත් ඒ මගින් තොරතුරු ලභා ගැනීම අන් තොරතුරු ලබා ගැනීමේ ක්‍රම වලට වඩා ඉක්මන් මාර්ගක් බවත් යන අදහස අපගේ පොලිස් ආයතනික මානසික තත්වය තුල ඉතා ගැඹුරින්ම පැලපදියම් කොට ඇත. මෙයින් අදහස් කරන්නේ තොරතුරු ලැබීම ගත් කල වඩාත්ම කාර්යක්ෂම හා වියදම් අඩු ක්‍රමය වන්නේ වදහිංසාව බවයි. මේ කරුණු සනාථ කරන ඉහල මට්ටමේ පොලිස් නිළධාරීන් ඕනෑ තරම් සිටී. ඔවුහු ප්‍රසිද්ධියේ මෙම වදහිංසාවට විරුද්ධ බව කීවත් ඔවුන් සමග කරන සාකච්ඡා වලදී ඔවුන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මෙම ප්රතිපත්ථියෙන් තොරව පොලිසියක් පවත්වාගෙන යා නොහැකි බවයි. මේ නිසා මුලින්ම රාජ්‍යයේ ප්‍රතිපත්ති වශයෙන් අවධානයට යොමු විය යුත්තේ අපරාධ පරීක්ෂන ක්‍රමය තුල කාර්යක්ෂමතාවය හා සාර්ථකව අපරාධ මර්ධනය කිරීම කරන දියුනු ක්‍රම ලංකාව තුල පැලපදියම් කරවීමකින් තොරව වදහිංසාවකින් තොරව කරන අපරාධ පරීක්ෂණය බොහෝ දුරට බොරු කතාවක් බවය.
- වධහිංසාව නතර කිරීමට නම් පළමුව දක්ෂ අපරාධ පරික්ෂකයන්ට ස්වාධීනව තම පරීක්ණ කර ගැනීමට ඇති හැකියාව බාධා නොපවත්වන තත්වයක් ඇති විය යුතුය. ලංකාවේ පසුගිය දශකයන් තුල ඉතා දරුනු ලෙස මතු වී ඇත්තේ ඉතා හොදින් හා පිළිගත හැකි ආකාරයෙන් අපරාධ පරීක්ෂන කිරීමේ හැකියාව ඇති පුද්ගලයන් නිතර නිතර නිර්මාණය වීම මෙන්ම අනිත් අතට ගත් කල එවනි දක්ෂයන් හා කැපවීමකින් යුතුව වෘතීයේ යෙදෙන්නන් යටපත් කිරීමේ බරපතල ව්‍යයාමයක් ලංකාවේ ක්‍රමය තුල පවතින බවය. එයට හේතු ගණනාවක් ඇත. එක් ප්‍රධාන හේතුවක් ලෙස නිතරම සාකච්ඡා වන්නේ දේශාපාලනීකරණය පිළිබද ඇති චෝදනාවය. එනම් දේශපාලඥයන් අපරාධයේ යෙදී සිටීම නිසා ඔවුන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ කිරීම වලක්වා ගැනීමේ ක්‍රමයක් පැවතිය යුතුය යන අදහසය. එසේ කල හැකි වන්නේ දක්ෂ හා වෘතීමය භාවයට පත්කරන අපරාධ පරීක්ෂකයන් අධෛර්යමත් කර ඔවුන් එම තත්වයන්ගෙන් ඉවත් කර ගැනිම මාර්ගයෙනි. මෙම ක්‍රමය ලංකාවේ දී ඉතා දරුණු ආකාරයෙන් පාවිචිචි වී ඇති අතර සමහර පරීක්ෂකයන් මරා දමා ඇතිවා මෙන්ම සමහරු රටින් පලාගොස් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා තත්වයක් දක්වා වර්ධනය වී ඇත. මෙහි අනිත් ප්‍රතිථලය නම් බොහෝ දෙනෙක් එවනි ක්‍රියා මාර්ග වලට යොමු නොවී තමන්ම යටපත් කරගෙන තමන්ට කිරීමට අමාරුවන යුතුකම් එසේ නොකර හැරීම මගින් තමන්ගේ වෘතීය ආරක්ෂා කර ගැනීමත් තමන්ගේ තත්වය ආරක්ෂා කර ගැනීමත් සමහර විට දූෂණය මාර්ගයෙන් තමුන්ට ලාභ ප්‍රයෝජන ගැනීමත් ආදී කටයුතු සදහා පුරුදු වී තිබේ. මේ නිසා දූෂිත කණ්ඩායමක් රටේ අපරාධ පරීක්ෂණ කණ්ඩායම තුලින්ම නිර්මාණය කරනු ලබයි. මෙම දූෂිතයන් ඉහල තනතුරු වලට ගොස් එම තනතුරු මගින් සමස්ථ පොලිස් ක්රමයම බොහෝදුරට පාලනය කර ගත හැකි තත්වයන් ඇති කර ගනී. එසේ නොවන බොහෝ නිළධාරින් සිටින නමුත් ඔවුන් අභිබවා වැඩි බලයක් හා හයියක් ඇති පුද්ගලයන් ලෙසට මතු වන්නේ ඉහතකී අපරාධයට නැඹුරු හා අපරාධයට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට මැලිවන කණ්ඩායම් වේ.
- මෙහි ප්‍රතිඵලය නම් අනිවාර්යෙන්ම වදහිංසාව මගින් යම් ආකාරයෙන් ක්‍රියාවක් සිදු වෙනවාය යන මතය රට තුල නිර්මාණය කිරීම සිදු වීමය. අපරාධයක් සිදු වූ විට ඇතිවන මහජන විරෝධය වලක්වා ගනු ලබන්නේ කවුරුන් හෝ අයෙකුට වධදීම හා එම වධදීම පිළිබදව ප්‍රසිද්ධියක් ඇති කිරිම හා නිතරම මෙම වදදීම් පිළිබදව පුරුද්දක් පොලීසිය තුල පවතින බව ප්‍රසිද්ධියට පත් කිරීම ආදිය මගින් කිසියම් මතයක් නිර්මාණය කරගෙන ඒ මතය මගින් පොලිසියේ පැවැත්ම සාධාරනීයකරණය කිරීමට දරන උත්සාහයකනි. මේ නිසා මෙම කරුනු එනම් කොතෙක් දුරට වධහිංසාව මුලු මනින්ම වැලැක්වීමේ උවමනාය රජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට කුහක කමින් තොරව පවතීද නැද්ද නැතහොත් වධහිංසාව පිළිබදව කුහක ප්රතිපත්ථියක් පවත්වාගෙන යාම තවදුරටත් කෙරෙන්නේද නැද්ද යන ප්‍රශ්ණය සාකච්ඡා කිරීම සිවිල් සමාජයේ යුතුකම ලෙස පවතී. සිවිල් සමාජයද මෙම දෙබඩි ප්රතිපත්ථිය ගැන හොදින් දනී. බොහෝ විට වධහිංසාව ගැන ඔවුන් කතා කරන නමුත් එවැනි වධහිංසා නැතිවීමක් මේ රට තුල කරගත හැකිද යන්න පිළිබද බරපතල සැකයක් සමස්ථ සිවිල් සමාජය තුලම පවතී. මේ සැකය සාකච්ඡාවට භාජනය විය යුතුය. ප්රසිද්ධීයේ මේවා පිලිබදව සාකච්ඡා කිරීම තුලින් වෙනත් කුහකකම් පිළිබද කරන සාකච්ඡා මෙන්ම මෙම සාකච්ඡාවද සමාජ ගත කල යුතුව ඇත. එසේ කිරීමෙන් පමණක්ම වදහිංසාව තුරන් කර ගත හැකිය.