
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව ලබාදුන් ආදායම්/වියදම් වාර්ථාව එම පනතේ 6 (1) (අ) වගන්තිය ප්‍රකාරව ආදායම් වාර්ථාවක් ලබා දී නොතිබීම 6 (1) (ආ) වගන්තිය ප්‍රකාරව ලබාදී ඇති වියදම් වාර්ථාව 6(5) වගන්තිය ප්‍රකාරව බිල්පත්, කුවිතාන්සි මගින් තහවුරු නොකිරීම තුලින් 1981 අංක 15 ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා වන පනත යටතේ වන “නීති විරෝධී ක්‍රියාවක්” සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කර, නීතිපතිවරයා හරහා මහාධිකරණයේ නඩු පවරන ලෙස ඉල්ලමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පුරවැසියෝ සංවිධානය පොලිස්පතිවරයා වෙත අද දින පැමිණිලි කරන ලදී.
මෙම අවස්ථාවට සංවිධානය වෙනුවෙන් අනුරුද්ධ බණ්ඩාර , නතාලි රංගජීව සහ අංජුල රාජපක්ෂ යන අය සහභාගී විය.
එම ලිඛිත පැමිණිල්ල පහත පරිදි වේ
පොලිස්පතිතුමා,
ශ්‍රි ලංකා පොලිස් මුලස්ථානය
යෝක් විදිය,
කොළඔ
2024.10.31
2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පැමිණිලි කිරීම.
2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ මැතිවරණයක් සදහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුටම සම බිමක් නිර් මාණය කිරීම හා විනිවිදභාවකින් යුතුව ජන්දය පැවැත්වීම තුළින් ජන්ද දායකයාට බලපෑමකින් තොරව ජන්දය භාවිතා කිරීමේ අයිතිය සුරක්ෂීත කිරීමේ නෛතික පදනම මත නිර් මාණය කළ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව 2024 සැත්ම්බර් 21 වනිදා පැවති ජනාධීපතිවරණ ජන්දයේදී ස්වාධින අපේක්ෂක ලෙස ජන්දයට ඉදිරිපත් වුණු රනිල් වික්‍රමසංහ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වියදම් වාර් තාව පහත අමුණා ඇත. (ඇමුණුම් 01)
2024 ඔක්තෝම්ර් මස 12 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාවට සම්පුර් ණ නොවු වියදම් වාර් තාවක් හා කොමිෂන් සභාවට ලබා දී තිබෙන අතර එම මහතා ජන්දයේදී ලැබුණු පරිත්‍යාග හා දායකත්ව පිළිබද තොරතුරු වාර් තාවක් කොමිෂන් සභාවට ලබා දී නැත.
1) පනතේ 6 (1) (අ) වගන්තිය අනුව ජන්ද අපේක්ෂකයාට පරිත්‍යාග හෝ දායකත්වය පිළිබද වාර් තාවක් කොමිෂන් සභාවට ලබා දිය යුතු අතර එම වාර් තාව තුළ 6 (4) වගන්තියට අනුව එලෙස පරිත්‍යාග හෝ දායකත්වය සැපයුයේ ද්‍රව්‍යයන් නම් එම ද්‍රව්‍යයන්ගේ ඇස්තමේන්තු වාර් තාවක් ද, පරිත්‍යාග හෝ දායකත්ව භාරගනු ලැබුවේ ත්‍යාග, ණ්‍ය මුදල් හා අත්කාරම් තැන්පතු වශයෙන් නම් එම දායකත්ව ලබා දුන් පුද්ගලයන්ගේ හෝ ආයතන වල තොරතුරු වාර් තාවේ අන්තර්ගත විය යුතු බව දක්වා තිබේ. පනතේ එසේ දක්වා තිබුනද 2024 ඔක්තෝම්බර් මස ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ද නියෝජිත නීතිඥ නෙයමල් පැල්පොල මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී තිබෙන්නේ වියදම් වාර් තාවක් පමණක් වන අතර පරිත්‍යාග හෝ දායකත්ව වාර් තාවක් ලබා දී නොතිබීම.
2) පනතේ 6 (1) (ආ) වගන්තිය අනුව ජන්ද අපේක්ෂකයා ජනාධිපතිවරණය සදහා දැරු වියදම් වාර් තාවක් කොමිෂන් සභාවට ලබා දිය යුතු අතර එම වාර් තාව පනතේ 6 (5) වගන්තියට අනුව ප්‍රචාරණ වියදම්,රැස්වීම උපකරණ වියදම්, නිෂ්පාදයන්ගේ වියදම්, ඇතුලු සියලු මාධ්‍යන් තුළින් ප්‍රචාණයට කිරීමට වැය වු වියදම් හා ඇතුළු අනිකුත් වියදම් සම්බන්ධයෙන් දැක්විය යුතු අතර එම සේවාවන්ට ගෙවා ඇත්නම් එය තහවුරු කිරීමට බිල්පත්, කුවිතාන්සි අය වැය වගුව සමග මැතිවරණ කොමිෂන් සභාවට බාර දීමට සිදු කළ යුතු වුවත් ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා වියදම් වාර් තාව සමග වියදම් වැය බිල්පත් හා කුවිතාන්සි ලබාදීමට කටයුතු නොකිරීම.
ඒ අනුව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 8 වගන්තියට අනුව පනතේ 6 (1) (අ) (ආ) වගන්තියන්ට අනුව ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රම සිංහ මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු පරිත්‍යාග යා දායකත්ව වාර් තාව ලබා නොදීමත්, ලබා දුන් වියදම් වාර් තාව සමග බිල්පත් හා රිසිට් පත් ලබා නොදීමේ පදනම මත නීති විරෝධී ක්‍රියාවක් සිදු කර ඇති බව පෙනී යයි. ඒ අනුව 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබද පනතට අනුව මැතිවරණයේදී නීති විරෝධි ක්‍රියාවක් සිදු කළ විට මහාධිකරණයට නඩු පැවරිය හැකි අතර ඒ සදහා වසර තුනක බන්ධනාගාර හා දඩු මුදල් ගෙවීම යන දෙආකාරයක දඩුවම් ලැබීමට හැකි වරදක් ඒ මහතා කර ඇත.
ඒ අනුව උක්ත වැරදි සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය විසින් හැකිතාක් ඉක්මනට විමර් ශනයක් ආරම්භ කර එම විමර් ශන වාර්තාව නීතිපතිවරයාට යොමු කරන ලෙසට මෙම පැමිණිල්ල තුළීන් ඉල්ලා සිටි.
……………………………………………
ස්තූතියි
අනුරුද්ධ බණ්ඩාර
ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පුරවැසියෝ


උපුටාගැනීම – Citizens for Democracy ෆේස්බුක් පිටුවෙනි.