නැගෙනහිර පළාත තුල ව්‍යාපාර මෙහෙයුම් සිදුකරන සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම් මෙන්ම සංවිධාන නියාමනය හා අධීක්ෂණය කිරීම සදහා නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන වෙත බලය ලැබෙන්නාවූ සිවිල් සංවිධාන විසින් සම්පාදිත අතුරු ව්‍යවස්ථාවක් නැගෙනහිර පළාත් අණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වීම පසුගිය දා සිදු විය.
විකල්ප පතිපත්ති කෙන්ද්‍රය (CPA) විසින් සම්පාදනය කල මෙම අතුරු ව්‍යවස්ථාව සදහා කන්තලේ ජාතික සහයෝගීතා සංවර්ධන පදනම (NCDF) විසින් සකස් කරන ලද ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන්ගේ විකල්ප යෝජනාවලියක් ඇතුලත් කර තිබේ.
ග්‍රාමීය කාන්තාවන් ණය උගුලකට හිරකරමින් ඔවූන් සූරාකන පුද්ගලික ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හි ක්‍රියාකාරිත්වයන් නිසාවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාමීය කාන්තාවන් 23000 ආසන්න ප්‍රමාණයක් දැඩි පීඩාකාරි තත්වයක පසුවේ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ කන්තලේ ජාතික සහයෝගීතා සංවර්ධන පදනම සුරංග රෑපසිංහ කියා සිටියේ.., සෙලින්කෝ ග්‍රාමීන් නම් ආයතනය ග්‍රාමීය වශයෙන් ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් දියත්කරන සමයේ සිටම අප රාජ්‍ය ආයතන වෙත යෝජනා කරන ලද්දේ මෙම සමාගම් නියාමනය කිරීමට සහ ඔවුන්ගෙන් ග්‍රාමීය කාන්තාවන් වෙත සිදුවන්නා වූ හිංසනයන් නවතාලීමට වහාම මැදිහත් විය යුතු බවයි. එහෙත් පැවති සෑම ආණ්ඩුවක්ම ග්‍රාමීය කාන්තාවන් උකසට තබමින් මූල්‍ය සමාගම් ආරක්ෂා කිරීම නිසා ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය වර්තමානය වන විට උඩුදුවා ඇති පිළිකාවක් තරමටම වර්ධනය වුනා. මෙයට යම් විසදුමක් ලෙස පසුගිය සමයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක් පිහිටුවිම සදහා පාර්ලිමේන්තු පණතක් සම්මත වුවත් එකී පණතේ විධිවිධාන සැබවින්ම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට පිණුම් ගැසීමට පිටියක් සකසමින් ග්‍රාමීය ප්‍රජාමූල ණය වැඩසටහන තව දුරටත් අවුල් ජාලාවක් බවට පත් කළා. මෙය ග්‍රාමීය ජනතාව මුහුණු දෙන බරපතල ගැටළුවක්. ඒ නිසා ජාතික හා පළාත් වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම් නියාමනය සහ අධීක්ෂණය සදහා රාජ්‍ය ව්‍යුහයක අවශ්‍යතාවය දැඩිව පවතිනව. ඊට පිළියමක් ලෙසයි අප මෙම අතුරුව්‍යවස්ථාව සම්පාදනය කරනු ලැබුවේ.
මෙම අතුරුව්‍යවස්ථාව සුරංග රෑපසිංහ මහතා විසින් නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වීම සිදු කළ අතර, මෙම අවස්ථාව සදහා ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත එකමුතුවේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ නියෝජිතයින්ද සම්බන්ධ විය.