පොලිස් නිලධාරියා වරෙන්තුව නැති කරගෙන කූට ලේඛනයක් හදලා අත්අඩංගුවේ

තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අස්ථානගත කරගත් පොලිස් නිලධාරියකු මහේස්ත්‍රාත්වරියගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ වරෙන්තුවක් සකස්කර පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම හෙළි වී තිබේ. ඒ අනුව, තෙල්දෙණිය පොලීසියේ වරෙන්තු භාර නිලධාරියා නීතීඥවරයකුගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ලබන මස 4වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම ව්‍යජ වරෙන්තුව සම්බන්ධයෙන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිටාර්වරයා විසින් තෙල්දෙණිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට 2023 වසරේ නොවැම්බර් 15 වෙනිදා කළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

Social Sharing
නවතම පුවත්