අලුත් පීසීලා 3ක් නිරුවත් කර ‘රැග්’ කරලා

 

tissamaharama police rag

ආධුනික පොලිස් නිලධාරීන් තිදෙනකු නිරුවත් කර නවක වධය දුන් සිද්ධියක් තිස්සමහාරාම පොලිසියෙන් වාර්තා වේ. මේ සම්බන්ධව කෙරුණු පරීක්ෂණයෙන් අනතුරුව කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු මෙම මස 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

තිස්සමහාරාම පොලිසියේ තනිකඩ නිල නිවාසයේ දී මෙම නවක වධය ලබාදී ඇති බව පරීක්‍ෂවලදී අනාවරණය වී ඇත.

චෝදනා කිහිපයක් මත සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සිද්ධියට මුහුණ පෑ ආධුනික කොස්තාපල්වරුන් තිදෙනා ප්‍රකාශ කර ඇත්තේ සැකකාර කොස්තාපල්වරයා සිය විරෝධය නොතකා තමන් නවක වධයට ලක්කළ බවයි.

Social Sharing
නවතම පුවත්