අතුරුදහන් වූවන්ගේ තිස්හතරවන වාර්ෂික අනුස්මරණය ඊයේ දිනයේදී (27) පැවැත්වුණා. ඒ සීදූව රද්දොළුගම අතුරුදහන් වූවන්ගේ ස්මාරකය ඉදිරිපිටදී. “වෙනස පිළිගනිමු සටන අත් නොහරිමු” යනුවෙන් ඔවුන්ගේ තේමාව නම් වී තිබිණි.
අතුරුදහන් වූ පවුල්වල බොහෝ පිරිසක් අදාළ වැඩසටහන සඳහා රැස්වී සිටි අතර ප්රදේශයේ දේශපාලනඥයින්, සිවිල් සමාජ ක්රියාකාරිකයින් ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වී සිටියා.
තිස් වසරක යුද්ධය තුළ අතුරුදහන් කළා සහ අතුරුදන් වූ පිරිස් පිළිබඳව මෙන්ම 88 සහ 89 භීෂණ සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ද සමරු ඵලකය වෙත තම ගෞරව පුද කිරීම සිදු කරනු ලැබුවා.