තෙලිජ්ජවිල දුරකතන අලෙවි සැල තුලදී ඝාතනය වූ මින්දිකට තවමත් සාධාරණයක් නැහැ – ඥාතීන්ගෙන් චෝදනා

තෙලිජ්ජවිල දුරකතන අලෙවි සැල තුලදී මින්දික තරැණයා ඝාතනය කර මාස 08 ක් ගතවුවද මෙි දක්වා නීතිය නිසි පරිදි ක්‍රියත්මක වී නොමැති අතර, එහි පරීක්ෂණ කටයුතු ඉතා මන්දගාමී බව ඥාතීන් සහ මිතුරන් පවසනවා.

මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ ජංගම දුරකථන අලවිසලක් තුළ ඉකුත් ජනවාරි මස 20වෙනිදා වෙඩි තබා තරුණයෙක් ඝාතනය කළ අතර මේ වනතෙක් එහි පරීක්ෂණ නිසි පරිදි සිදු නොවන බව චෝදනා එල්ල වී තිබේ. ඝාතනයට ලක් වූ තරුණයාගේ පියා සඳහන් කරන්නේ පරීක්ෂණ මන්දගාමීව සිදුවන බවයි. එසේම ඔවුන්ගේ මිතුරන්ද පවසන්නේ මේ පිළිබඳව පොලිසිය නිසි පරිදි පරීක්ෂණ නොපවත්වන බවයි.

යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙක් අදාළ වෙඩි තැබීම සිදුකළ පලා පලාගොස් තිබූ අතර, පොලිසිය විසින් අදාළ වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය පසුව සොයාගනු ලැබුවා.

වෙඩික්කරුවන් වැරදීමකින් ජංගම දුරකථන අලෙවිසැලේ සිටි තරුණයාට වෙඩි තබා ඇති බවත්, වෙනත් තරුණයෙකු සමඟ පටලවා ගැනීම මත සිදු වූවක් බවත් පසුව අනාවරණය වුණා.

 

Social Sharing
නවතම පුවත්