වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ වසර ගණනක් තිස්සේ තමන් ක්‍රීඩා කළ ක්‍රීඩා පිටිය, ආණ්ඩුවට සහය පල කළ පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන වී වගාවක් සිදු කර ඇතැයිඅනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරසන්ගස්වැව ගම්මානයේ තරුණයින් චෝදනා කර සිටිති.
ගම්මානයේ තරුණයින්, ක්‍රිකට් වොලිබෝල් කීඩා කළ පොදු ක්‍රීඩා පිටිය,මෙලෙස පුද්ගලයකු විසින් අත්පත් කර ගෙන, අදාළ ක්‍රීඩා පිටිය වටා වැට ගසා, සී සෑමෙන් අනතුරුව, වී ඉස ඇති බවයි මෙම තරුණ පිරිස චෝදනා කර සිටින්නේ, මේ සම්බන්ධයෙන් අදාළ බළධාරීන්ට පැමිණිලි සිදු කළද මෙතෙක් විසඳුමක් නොලැබුණු බවට පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරසන්ගස්වැව ගම්මානයේ තරුණයකු වන ප්‍රසන්න කුමාර දිසනායක,
අපි අවුරුදු 05-06 ක් තිස්සේ ක්‍රීඩා කරන ක්‍රීඩා පිටිය දැන් අපිට නැති වෙලා තියෙනවා. ආණ්ඩුව පෙරලෙවත් එක්කම අයිතිවාසිකම් කියන්න ආවා මේ පිට්ටනියට, අපි හොඳට මේ ක්‍රීඩා පිටිය හදා ගෙන තරුණයෝ හවසට සෙල්ලම් කරමින් හිටියේ, මේකේ ක්‍රිකට් තරඟාවලි පවා පැවැත්වූවා, දැන් අපිට සෙල්ලම් කරන්න තැනක් නෑ, ඇත්තටම අපිත් මාලිමාවට වැඩ කළා, ඒ ආණ්ඩුව පත් වෙලා ආවට පස්සේ අපිට දැන් පිට්ටනිය නෑ, දැන් මේකේ ගොවිතැන් කරලා තියෙන්නේ, අපිට දැන් මේවා කියන්න කවුරුත් නෑ, අපි ඉල්ලන්නේ අපි සෙල්ලම් කරපු පොදු ක්‍රීඩාංගනය අපිට නැවත ලබා දෙන්න කියලා.මේක අපේ ගමේ පරණ පාසල තිබුණු රජයේ ඉඩම, දැන් මේක තනි පුද්ගලයෙක් අල්ලාගෙන භුක්ති විඳිනවා.මේ ක්‍රීඩා පිටියේ වොලිබෝල් කෝඩ් එකක් පවා තිබුණා, ඒවා සියල්ල ඩෝසර් කරලා දාලා තමයි හාලා , වී වපුරලා තියෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තවත් තරුණයකු අදහස් දක්වමින් කියා සිටියේ,
මේක රජයේ පොදු ඉඩමක්, මේකේ අපි ක්‍රීඩා සමාජයක් හරහා ක්‍රීඩා පිටියක් ලෙස නිර්මාණය කර ගත්තා, ආණ්ඩු මාරුවත් සමඟ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වෙනවාත් සමඟ දින දෙකකට පසු අපේ ක්‍රීඩා පිටිය වගා කටයුත්තක් සඳහා යොදාගෙන තියෙනවා, මොන හයියකින් මේක කළාද කියලා දන්නේ නෑ, අපිට දැන් ක්‍රීඩා කරන්න තැනක් නෑ. මේක බළධාරීන් වෙත යොමු වෙලා අපිට ස්ථිර විසදුමක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.අපිත් මාලිමාවට ඡන්දය දීපු තරුණයෝ, අපේ ක්‍රීඩා පිටිය තමයි මේ අත්පත් කර ගන්න යන්නේ,මාලිමාව නියෝජනය කරන අපේක්ෂකයොන්ට මේ ගැටලුව කිව්වා, නමුත් ඔවුන් මේකට විසඳුමක් දුන්නේ නෑ.මෙම ක්‍රීඩා පිටිය නැවත ලබා ගන්න අපි ප්‍රාදේශීය ලේකම්තුමා මුණ ගැහිලා මේ ප්‍රශ්නය ඉදිරිපත් කළා, මේක රජයේ ඉඩමක් ලෙස පවරා ගෙන ක්‍රීඩා පිටියක් ලෙස ලබා දෙන බව පැවසූවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සදුනී කුමාරී මහත්මිය,
මාලිමාවේ ආණ්ඩුව ආවා විතරයි, ළමයින්ට තිබුණ ක්‍රීඩා පිටිය, වගා කරලා තියෙනවා.ගමේ ළමයි මත්ද්‍රව්‍යය වලට යොමු වෙන්නෙ නැතිව, හැමදාම ක්‍රීඩා කරගෙන හිටිය ක්‍රීඩ පිටිය, අත්පත් කරගෙන තියෙනවා ආණ්ඩුව අත්පත් කර ගෙන හාලා තියෙනවා.මේ සම්බන්ධව අපි ප්‍රාදේශීය ලේකම්තුමාට පැමිණිලි කළා, දිසාපතිතුමාට පැමිණිලි කළා, තවමත් බළධාරීන් මේකට විසඳුමක් ලබා දුන්නේ නෑ.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් වැඩ බලන ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ,ක්‍රීඩාංගනයට වෙන් කළ ඉඩමක් අත්පත් කර ගෙන තියෙන්නේ, අපි මෙය තහනම් කරලා, මේ සම්බන්ධයෙන් අපි අධිකරණ ක්‍රියාමාර්ග අරගන්න බලාපොරොත්තු වෙනවා යනුවෙනි.