ජන­ප­ති­ව­ර­ණ­යේදී වෙළෙඳ කලාප සේව­කයන් 22%ක් ඡන්දය දමා නෑ

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී වෙළෙඳ කලාප සේවක සේවි­කා­ව­න්ගෙන් 22%ක් ඡන්දය භාවිත කර නැති බව නිද­හස් වෙළෙඳ කලා­පීය කම්කරු සහ­යෝ­ගි­තාව පව­සයි.

කටු­නා­යක, බිය­ගම, වතු­පි­ටි­වල, මීරි­ගම ආදි නිද­හස් වෙළෙඳ කලා­ප­ව­ලට සංක්‍ර­ම­ණය වී සේවය කරන 80,000ක් පමණ වූ සේවක සේවි­කා­වන්ට තමන් රැකි­යාව කරන ප්‍රදේ­ශයේ තුළ ඡන්දය භාවිත කිරී­මට අව­ස්ථාව ලබා දෙන්නේ නම් තමන්ගේ ඡන්ද අයි­තිය අහිමි නොවන බව ද එම සහ­යෝ­ගි­තා­වට අනු­බද්ධ ශ්‍රමා­භි­මානි කේන්ද්‍රයේ සම්බ­න්ධී­කා­රක සුගත් රාජ­පක්ෂ මහතා පැව­සීය. ඒ මහතා මෙසේ පැව­සුවේ ඊයේ (23) සමා­ජ­යීය හා සාමූ­හික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පසු­දින ඇඳිරි නීතිය යෙදීම නිසාත් ප්‍රවා­හ­නය යථා­වත් වීමට ප්‍රමාද වීම නිසාත් ඡන්දය භාවිත කිරී­මට ගම්බිම් බලා පිටත් වූ වෙළෙඳ කලාප සේවක සේවි­කා­වන් නැවත සේවා ස්ථාන­ව­ලට වාර්තා කිරීම ප්‍රමාද විය. මේ හේතු­වෙන් ඔවුන්ගේ පැමි­ණීමේ දීම­නාව ලෙස ගෙවනු ලබන රුපි­යල් 5000 – රුපි­යල් 10,000ත් අතර මුද­ලක් අහිමි වී ඇතැයි ද ඒ මහතා පැව­සීය. වැටු­පෙන් මෙවැනි ප්‍රමා­ණ­යක් අහිමි කර ගන්නවා වෙනු­වට ඡන්දය භාවිත නොකර සිටීම සුදුසු බව බොහෝ සේවක සේවි­කා­වන් පෙන්වා දෙන බැවින් මෙවර ඡන්දය භාවිත නොක­රන නිද­හස් වෙළෙඳ කලාප සේවක සේවි­කා­වන්ගේ ප්‍රමා­ණය මීට වඩා ඉහළ යා හැකි බව ද ඒ මහතා සඳ­හන් කළේය.

ගැට­ලුව සම්බ­න්ධ­යෙන් 2015 වසරේ සිට මැති­ව­රණ කොමි­සම ඇතුළු නිරී­ක්ෂණ ආය­තන දැනු­ම්වත් කිරී­මට පිය­වර ගෙන ඇතත් තව­මත් නිසි ක්‍රම­වේ­ද­යක් සකස් කර දී නැතැයි මෙම අව­ස්ථා­වට එක් වූ නීතිඥ තරුශි දිශාරා මහ­ත්මිය පැව­සු­වාය.

හැඳු­නු­ම්පත් අස්ථා­න­ගත වූ පිරිස් සඳහා තාව­කා­ලික හැඳු­නු­ම්පත් සක­සා­ගෙන පූර්ව මැති­ව­රණ සූදා­න­මක් සඳහා කාල­යක් නොලැ­බීම ද සෑම මැති­ව­රණ කාල­සී­මා­ව­ක­දීම සිදු වන්නක් බව පෙන්වා දුන් ඇය කාලා­නු­රූ­පීව ඇති වන ප්‍රශ්න­ව­ලට විස­ඳුම් ලැබෙන අයු­රින් මැති­ව­රණ නීති වෙනස් විය යුතුව ඇතැයි ද කීවාය. මෙම අව­ස්ථා­වට ඩාබිදු සාමූ­හිකයේ ලේකම් චමිලා තුෂාරි, රෙඩ් ඕග­ර්න­යි­ශේ­ෂන් විධා­යක අධ්‍යක්ෂ චන්ද්‍රා දේව­නා­රා­යන මහ­ත්මීහු ද එක් වූහ.

රන්මලී සෝම­සිරි – දිනමිණ

Social Sharing
නවතම පුවත්