මාධ්‍යවේදියෙකුට පහර දීමක් සිදු වී ඇත්නම් එය කවර තත්වයක දී වුව ද දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හඳුන්හෙත්ති මහතා පවසයි.
ඒ අනුව ලංකාදීප පුවත්පතෙහි හක්මන වාර්තාකරුවන දෙනගම යසන්ත ආරියසේන මහතා එම ප්‍රදේශයේ පැවැති ජාතික ජන බලවේගයේ ප්රචාරක රැස්වීමක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේ පහර කෑමට ලක් වී ඇති අතර හඳුන්හෙත්ති මහතා එම සිද්ධියට මුහුණ පෑ වාර්තාකරු වන යසන්ත ආරියසේන මහතා සම්බන්ධව කණගාටුව පළ කරමින් පවසා සිටියේ එම වාර්තාකරුට පහර දුන් යැයි පවසන ජාතික ජන බලවේගයේ සාමාජිකයකු, ආධාරකරුවකු හෝ හිතවතකු එළෙසින් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
ඒ අනුව ඔහු තවදුරටත් පවසා සිටියේ ලංකාදීප පුවත්පතෙහි සඳහන්වන ආකාරයටම එම සිදුවීම සිදු වී ඇත්තේ රැස්වීම අවසානයේ බවත් එම සිදුවීම සම්බන්ධව අදාළ මාධ්‍යවේදියා ඔවුන්ගේ සංවිධානයේ වගකිවයුත්තෙකුට ඒ පිළිබඳව නිශ්චිතව දැනුම් දීමක් කර නොමැති බවයි. ඒ අනුව ඉහත සිදුවීමට ජාතික ජන බලවේගයේ කිසිවකුත් සම්බන්ධ නොමැති බව ඔහු පවසා සිටින අතර අදාළ සිද්ධිය සම්බන්ධව සිදුවන සියලු නීතිමය ක්‍රියා මාර්ගවලට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඔහු තවදුරටත් පවසා සිටියි.