අවුරුදු 16ක පාසල් දැරියක් අපයෝජනයට සැකපිට පාසල් ගණිත ගුරුවරයෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 16ක පාසල් දැරියක් අපයෝජනයට ලක් වීමේ සිද්ධියක් වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව වයස අවුරුදු 16ක මෙම දැරියව ගුරු නිවාසයකට රැගෙන ගොස් අපයෝජනය කිරීමේ සිද්ධියක් වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රසිද්ධ පාසලක ගණිත ගුරුවරයකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම ගුරුවරයා විසින් මෙම දැරියව අවස්ථා කිහිපයකදීම ගුරු නිවාසෙට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බව මවුපියන් පිරිසක් විසින් පැමිණිල්ල කර තිබේ. මේ අයුරින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර සිට මීට වසර කිහිපයකට පෙර එම පාසලට ගණිත විෂය ඉගැන්වීමට එම පාසලට පැමිණි අවුරුදු 25ක අවිවාහක ගුරුවරයෙකි.

වැලිකන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත්න මහතා පවසා සිටියේ එම පාසලේ මව්පියන් සිව් දෙනෙකු විසින් මෙළෙස පැමිණිල්ල සිදුකර ඇති අතර ඔවුන් විසින් දුරකථන හඬ පටයක් සමඟ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි. මේ අයුරින් ඔවුන් විසින් ලබා දී ඇත්තේ එම දැරිය අදාළ ගණිත ගුරුවරයා සමඟ අවස්ථා කිහිපයකදි පැවත්වූ සබඳතාවයන් හා ගුරුවරයා අතින් දූෂණයට ලක් වූ අවස්ථාවන් පිළිබඳ දැරිය තම මිතුරියක් සමඟ දුරකථන සංවාදයේ යෙදෙන හඬ පටයකි.

මේ වන විට එම දැරියව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ පරීක්ෂණ කටයතු සිදු කිරීම සඳහා පොලොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇත.

Social Sharing
නවතම පුවත්