ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් අද නිවේදනය කර තිබෙනවා.
මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් අමෙරිකානු පුරවැසියන්ට ගමන් තහනමක් පනවා තිබේ.
එමෙන්ම නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ඇමරිකා එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කරනවා.
ඒ පිළිබඳ මාධ්‍ය අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කලේ,
“ඒ ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙනවා ඊශ්‍රායල ජාතිකයින් විසින් ස්ථාපනය කළ ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඊශ්‍රායල ජාතිකයින් බොහෝවිට ආරුගම්බේ ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක්. පොතුවිල් සහ ආරුගම්බේ. විශේෂයෙන්ම සර්ෆින් නිසා. ඊශ්‍රායල ජාතිකයින් ඒ ප්‍රදේශයට කැමතියි. ඒ නිසා තමයි ඔවුන් යම්කිසි ස්ථානයක් එහි ස්ථාපනය කර තියෙන්නේ. පසුගිය දිනවල යම් යම් තොරතුරැ ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයින්ට යම් ආකාරයක අනතුරක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේශය භාර SDIG ඊට අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණා. මාර්ග බාධක යොදලා ප්‍රදේශය ආරක්ෂා කිරීම. වාහන, පුද්ගලයින් විටින් විට පරීක්ෂා කිරීම් කළා.”
මේ සම්බන්ධයෙන් යම් තොරතුරු ලැබුණු වහාම අදාළ කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. යම් සංචාරයෙකු සම්බන්ධයෙන් අප වඩාත් සැලකිලිමත් විය යුතු අතර අප ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම සැලකිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා වැඩිදුරටත් පවසනවා.
ඇමරිකානු තානාපති කාර්යාලයේ විසින් නිකුත් කළ අදාල නිවේදනය පහත දැක්වේ.
Security Alert: Avoid Travel to Arugam Bay Due to Credible Threat
October 23, 2024
Location: Sri Lanka
Event: The Embassy received credible information warning of an attack targeting popular tourist locations in the Arugam Bay area. Due to the serious risk posed by this threat, the Embassy imposed a travel restriction on Embassy personnel for Arugam Bay effective immediately and until further notice.
U.S. citizens are strongly urged to avoid the Arugam Bay area until further notice.
Actions to Take:
- Report all suspicious activity and emergencies to local authorities (119).
- Always maintain vigilance and be aware of your surroundings. Trust your gut, if a situation doesn’t feel right, get out of it.
- Always have some form of communication on you (i.e. cell phone).
- Monitor local media for news and updates.
For Consular Assistance:
U.S. Embassy – Colombo, Sri Lanka
+94-(0)11-202-8500 Phone