පොලිස් නිලධාරීනි අල්ලස් ඉල්ලා සිටීම ඇතුළු සියළුම ආකාරයේ විශාමාචාර ක්‍රියා සම්බන්ධයෙන් දැනුම් දීමට වැඩ බලන පොලිස් පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් 1997 හදිසි ඇමතුම් අංකය හදුන්වා දී තිබේ. දූෂණයෙන් තොර කාරයක්ෂම හා නීති ගරුක පොලිස් සේවයක් නිර්මාණ කිරීම සදහා ගත් තවත් එක් පියවරක් ලෙස මෙම අංකය හදුනා දෙන බව වැඩ බලන පොලිස්පති වරයා ප්‍රකාශ කර තිබුනි.
ප්‍රියාන්ත වීරසුරිය මහතා විසින් පොලීසිය වෙත ලැබන පැමිණිලි සති දෙකක් තුළ විභාගය කිරීම, පොලිස් නිෂ්කාශන වාර්තා දින දෙකක් තුළ ලබා දීම වැනි නියෝග මීට පෙර සෑම පොලිස් ස්ථානයකට ලබා දී තිබුනි. එම නියෝග අනුව කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධව ඉහත අංකයට පැමිණිලි කළ හැකි බවත් වැඩ බලන පොලිස්පතිවරයා විසින් සදහන් කර තිබුනි.
මේ අතර, පසුගිය මාස 9ක කාලය තුළ පොලීසියේ 20 දෙනෙකු අල්ලස් ලබා ගැනීම මත අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. 2024 ජනවාරි 01 දා සිට 2024 සැප්තැම්බර් 30 වන දා දක්වා අල්ලස් ලබා ගැනිමේ සිද්ධි සම්බන්ධයෙන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවත් ඉන් 20 දෙනෙකු පොලිස් නිළධාරීන් බවත් පවසයි.
මේ පොලිස් නිලධාරීන් අතරට, පොලිස් පරීක්ෂවරුන් දෙදෙනෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන් නව දෙනෙක්, පොලිස් කොස්තාපල් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බව කොමිසම වැඩි දුරටත් පවසයි.