මහමැතිවරණය නොවැම්බර් 14 පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Presidential election voting begins

2024 වසරේ මහමැතිවරණය එළඹෙන නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති අතර එළෙස මහමැතිවරණය 14 වනදා පැවැත්වීමෙන් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීරණය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දිනයේ (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ඇත. මේ අයුරින් පෙත්සම ගොනු කර ඇත්තේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම ‘අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ’ කැඳවුම්කරු වන එච්.එමි. ප්‍රියන්ත හේරත් මහතා විසිනි. ඒ අනුව එදින මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස එම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

පෙත්සම ඉදිරිපත් කළ එච්.එමි. ප්‍රියන්ත හේරත් මහතා මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළුව සාමාජිකයන් හා නීතිපතිවරයා නම් කර ඇත.

ඒ අනුව ඔහු එහිදි පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව නාමයෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද වීමසීම සඳහා දින නියම කළ යුතු බවයි.

එමෙන්ම මෙවර මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වන දා දක්වා සිදු කිරීමට දින නියම කර තිබූ බව පෙත්සමෙහි තවදුරටත් සඳහන් වේ. ඒ අනුව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වන දා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07ක කාලය නොවැම්බර් මස 29 වනදා අවසන්වන බව ප්‍රියන්ත මහතා පෙන්වා දෙයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස 14 වනදාට දින නියම කරමින් පාර්ලිමේන්තු ඡන්ද වීමසීම තිබීම තුළින් එම සති පහක කාල සීමාව අවසන් නොවන නිසාවෙන් ඊට පෙර මහමැතිවරණය පැවැත්වීම නීතියට පටහැණි බවයි. එබැවින් නොවැම්බර් මස 14 වැනිදා මැතිවරණය පැවැත්වීම මඟින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදුවන බවට පෙත්සම්කරු චෝදනා වැඩිදුරටත් චෝදනා කරයි.

ඒ අනුව වරද නිවැරදි කරමින් අධිකරණයට සුදුසු අභිමත නියෝගයක් තිබේ නම් එවැනි නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Social Sharing
නවතම පුවත්