මාලිමාවේ රැස්වීමක් වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යකරුවෙකුට පහරදීලා 

ලංකාදීප පුවත්පතෙහි හක්මන වාර්තාකරුවන දෙනගම යසන්ත ආරියසේන මහතා එම ප්‍රදේශයේ පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැස්වීමක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේ එම පක්ෂයේ ක්‍රියාකාරයකු විසින් එම වාර්තාකරුට පහර දීමේ සිද්ධියක් පිළිබඳ පැමිණිල්ලක් මත සැකකරු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා හක්මන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ආරාධනාවකට අනුව ආරියසේන මහතා මෙම රැස්වීම වාර්තා කිරීමට ගොස් ඇති අතර එම රැස්වීම අවසානයේ සැකකරු විසින් “උඹ මොනවද පත්තරේ දාන්න ආවේ, මේක අපි සංවිධානය කළ රැස්වීම” යැයි පවසා පහර දුන් බව පැමිණිල්ලෙහි දැක්වේ. පහරකෑමට ලක් වූ බව කියන වාර්තාකරු එදින සවස හක්මන ගංගොඩගම රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට මාරු කර ඇත.

සැකකරු ද එම අවස්ථාවේ වලස්මුල්ල රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (21) දහවල් රෝහලෙන් පිටතට පැමිණි අවස්ථාවේදී පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත

Social Sharing
නවතම පුවත්