සහල් මිල පාලනය සඳහා නියම කරන ස්ථාවර මිලෙන් පාරිභෝගිකයාට ප්‍රතිලාභ අත් වීමට නම් ඒ සඳහා පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කළ යුතු බව පාරිභෝගික අධිකාරියේ (CAA) වැටලීම් සහ විශේෂ අධ්‍යක්ෂ සංජය එරසිංහ මහතා පවසයි.
බොහෝ විට සිදුවන්නේ සහල් මිල පාලනයට යම් මිලක් නියම කළ විට තොග වෙළෙන්දන් එම මිලට සහල් විකීණීමක් සිදු කරන අතර එම සහල් මිලට ගන්නා සිල්ලර වෙළෙන්දන් ඔවුන් මිලදී ගත් මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමක් සිදු කරයි. එවිට රජය විසින් සහල් සඳහා මිල පාලනයක් නියම කලද එහි ප්‍රතිලාභ ජනතාවට නොලැබේ. ඒ අනුව සංජය එරසිංහ මහතා පැවසුවේ ජනතාවට පාලන මිලට සහල් මිලදී ගැනීමට නම් නිෂ්පාදකයින්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන් යන කාණ්ඩ තුනටම ස්ථාවර මිල ප්‍රකාශයට පත් කළ යුතු බවයි. ඒ සඳහා අදාළවන විධිවිධාන සහිත පනත සශෝධනය කරමින් පවතින බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ස්ථාවර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කරන සිල්ලර වෙළෙන්දන් වැටලීමට සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික ආරක්ෂක්ෂක අධිකාරියට හැකියාව ඇති නමුත් සහල් මෝල් හිමියන්ට එරෙහිව ක්‍රියා කිරීමට හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මහ මැතිවරණයෙන් පසු, එම බලතල ද ඇතුළත් වන පරිදි පනත සංශෝධනය කරන බවයි.