හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් වරයා විසින් ඔහුගේ බලය අයුතු ලෙස අවභාවිතා කරමින් එක්තරා දේශපාලනඥයෙකුගේ කීමට තමන්ව දැඩි මානසික පීඩනයකට පත් කලබවත්, තමන් සේවය කල පුද්ගලික ආයතනයද තමන් නොමැති අවස්ථාවක වෙනත් ආයතනයකට පවරමින් තමන්ව මහ පාරට ඇද දැමූ බවත් හා ඉන් තමන්ට සිදු වු අගතිය සම්බන්ධයෙන් පැමිණිළි කිරිමට හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පිහිටි කම්කරු කාර්යාලයට ගිය අවස්ථාවේ දිස්ත්රිත් ලේකම් වරයා විසින් තමන්ට බොරු චෝදනා නගමින් දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩ වි ඇති බැවින් ඒ සදහා නීති ආධාර ලබාදෙන ලෙස ඉල්ලා 2024.10.14 වන දින, කුණ්ඩසාලේ නව නගරය, ගල්මඩුව වත්ත පාර, අංක 67/G පදිංචි, 52 හැවිරිදි පිලිප්පු විතාන මහින්ද ජයවික්‍රම බණ්ඩාර නැමති තිදරු පියෙකු විසින් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමින පැමිණිල්ලක් සිදුකර ඇත.
මහින්ද ජයවික්‍රම බණ්ඩාර 2018.02.01 දින සිට බදගිරිය යොවුන් සංවර්ධන අධ්‍යාපන නිකේතනය හා වෘත්තීය පුහුණු ආයතනයේ කළමණාකරු ලෙස නිත්‍යාණුකුලව කටයුතු කල බවත්, එය නෙදර්ලන්ත ආධාර මත ක්‍රියාත්මක වූ බවත්, ඔහු එහි කළමණාකරු ලෙස සිටියදි හම්බන්තොට එක්තරා දේශපාලනඥයෙකු විසින් මෙම ආයතනය පවරා ගැනීමට උත්සාහ කල බවත්, ඒ සදහා හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් වරයා වන එච්.පී. සුමනසේකර මහතා දිගින් දිගටම කටයුතු සකස් කරමින් තමන්ව දැඩි පිඩනයට ලක් කරමින් සිටි බවත්, පසුව තමන් ආයතනයේ සිට නිවාඩුවට නිවසට ගිය අවස්ථාවේ දිස්ත්‍රික් ලේකම් වරයා අනීතික ලෙස මෙම ආයතනය අත්පත් කරගෙන වෙනත් පාර්ශවයකට පැවරීමට කටයුතු කල බවත්, ඔහුගේ යට ඇදුමේ සිට සියළුම ඇදුම් පැළදුම් හා සියළු ලේඛනද ලබා නොදී තමන්ට ආයතනයට ඇතුළු විමට නොදී දැඩි ලෙස මානසික පීඩාවට පත් කල බවත්, දිගින් දිගටම මොහුට සිදු වු අසාධාරණ කම් සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියටද පැමිණිළි කිහිපයක්ම කර ඇති නමුත් දිස්ත්‍රික් ලේකම් වරයා විසින් සිය බලය භාවිතා කරමින් ඒවාද යට ගැසූ බවත්, එලෙස තිබියදි ඔහුට සිදු වු අසාධාරණය සම්බන්ධයෙන් 2024.05.31 වන දින පැමිණිල්ලක් කිරීමට හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පිහිටි කම්කරු කාර්යාලයට යාමට ගිය බවත්, එහිදී දිස්ත්‍රික් ලේකම් වරයාගේ නියෝග මත කාර්යාලයේ ආරක්ෂ නිළධාරීන් විසින් තමන්ට කාර්යාලයට ඇතුළුවිමට නොදී කාර්යාලයට අයුතු ඇතුළු වීම යන චෝදනා ගොනු කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගත් බව මොහු විසින් කියා සිටීහ.
කෙසේ නමුත් මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වරයා මැතිවරණ කොමිසන් සභාව විසින් ඉදිරිපත් කල ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි 2024.10.15 වනදා සිට, අධිකරණ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත ස්ථාන මාරුකර යවා තිබේ. එමෙන්ම දිස්ත්‍රික් ලේකම් වරයාගේ ක්රියාකළාපය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ජනාධිති ලේකම් කාර්යාලයේ PS/PR/09/451053 ලිපි ගොනු අංකය යටතේ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ PMO/PRD/02/15/05/47897 ලිපි ගොනු අංකය යටතේද විශේෂ විමර්ෂණ දෙකක් ආරම්භ කෙරුණු නමුත්, ඒවාද සිය දේශපාලන බලය භාවිතා කරමින් එම පරික්ෂණද යට ගසා තිබෙන බව පැමිනිලිකරු වූ මහින්ද බන්ඩාර විසින් කියා සිටී.