හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්‍රහණයකි.

harini amarasuriya current political situation in sri lanka

– අජිත් පැරකුම් ජයසිංහ –

මීට අවුරුදු දෙකකට පෙර 2022 ජුලි 9 දින අගමැති නිල නිවස හෙවත් අරලියගහ මන්දිරය අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්විය. ඔවුන් නීති විරෝධී ලෙස එය අත්පත් කරගැනීමට ද කටයුතු කළහ.

ඊට පෙර 2022 මැයි 9දා අරලියගහ මන්දිරයේ රැස්වීමකට පසු පිටත් වුණ පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිහිටි විරෝධති ස්ථානවලට පහරදීම හේතුවෙන් රට පුරා ප්‍රති ප්‍රහාර ඇති වූ අතර එදින රාත්‍රියේ අගමැති මහින්ද රාජපක්ෂ රැඳී සිටි අරලියගහ මන්දිරය විරෝධතාකරුවන් විසින් වට කර පහර දෙන ලදි. පසුව මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ආරක්ෂාව වෙනුවෙන් එම ස්ථානයෙන් ඉවත් කරන ලදි.

2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු අගමැති ධූරයට පත් වූ හරිනි අමරසූරිය විසින් අගමැති නිල නිවසේ ඇතැම් මුර කුටි කඩා ඉවත් කිරීමට හා ආරක්ෂක හේතු මත වසා තිබුණු අවට මාර්ග විවෘත කිරීමට පියවර ගත්තාය.

එම මාර්ග විවෘත කරනු ලැබුවේ ආරක්ෂක විශ්ලේෂණයකින් පසුව විය යුතුය. කෙසේ වෙතත්, එයින් එක් කරුණක් ගම්‍ය වේ. එනම්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වසර දෙකක පාලන කාලය තුළ ආරක්ෂාව කෙතරම් දුරට තහවුරු කර තිබේද යන්නයි.

2019 අප්‍රේල් 21 දින කොළඹ නගරයේ හෝටල් ඇතුළු රට පුරා ස්ථාන ගණනාවකට ත්‍රස්ත ප්‍රහාර එල්ල වී සිය ගණන් මිනිසුන් මරණයට පත් වූහ. 2009 වසරේ යුද්ධය අවසන් වීමට පෙර පැවති තත්වය අතිශය භයානකය.

එවැනි පසුබිමක් තුළ මේ තරම් දුරට ආරක්ෂාව තහවුරු කර තිබීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට ස්තුති කළ යුතුය.

කෙසේ වෙතත්, පසුගිය සමයේ රට ආණ්ඩු විරෝධී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරෝධී උද්ඝෝෂණ කොළඹ නගරයේ නිතර නිතර පැවැත්විණි. ඒ බොහොමයක් පසුපස සිටි දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ බලයට පත්වීම ද, එවැනි උද්ඝෝෂණ නායකයන් වැඩි දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වීම සඳහා අපේක්ෂකයන් බවට පත් වී සිටීම ද ආරක්ෂාව තහවුරු වීමට හේතු වී ඇති බව පෙනේ.

මෙම තත්වය දිගටම පවත්වාගෙන යාම රටට ඉතා හිතකර තත්වයකි.

Praja.lk

Social Sharing
අවකාශය නවතම විශේෂාංග