සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට USAID සහාය..

President and Samantha Power USAID

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර සාකච්ඡාවක් ඊයේ (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදුකර තිබෙනවා.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා පවර් අදහස් හුවමාරු කර ගත් අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර පවතින සමානතාව ද මෙහිදී පෙන්වා දුන් සමන්තා පවර් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ පූර්ණ සහාය ලබා දෙන බව  ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

President and Samantha Power USAID

Social Sharing
අවකාශය නවතම