දිස්ත්‍රික්ක අනුව මැතිසබයට ලැබෙන මන්ත්‍රීවරු ගණන

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 29 දෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිතයි. ඒ අනුව, වැඩීම මන්ත්‍රී සංඛ්‍යාවක් තෝරාපත්කර ගැනීමට නියමිතව ඇත්තේ ඡන්දදායකයින් දහඅට ලක්ෂ 81,129 දෙනෙකු ලියාපදිංචි වී සිටින ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 19 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි.

ඡන්දදායකයින් දාහත් ලක්ෂ 65,351 දෙනෙකු ලියාපදිංචි වී ඇති කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 18 දෙනෙකුද, දාහතර ලක්ෂ 17,226 දෙනෙකු ලියාපදිංචි වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 15 දෙනෙකු තෝරාපත් කර ගනු ඇති. මහනුවර දිස්ත්‍රිකයෙන් මන්ත්‍රීවරු 12 දෙනෙකුද, කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 11 දෙනා බැගින්ද තෝරා ගැනෙනවා. බදුල්ල, කෑගල්ල, අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු බැගින් තෝරා ගැනෙන අතර මාතර, හම්බන්තොට සහ දිගාමඩුල්ලෙන් මන්ත්‍රීවරු 07 දෙනා බැගින් තෝරා ගැනීමට නියමිතයි.

එමෙන්ම, පුත්තලමෙන් මන්ත්‍රීවරු 08 දෙනෙකුද, යාපනය, වන්නි සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් මන්ත්‍රීවරු 06 දෙනෙකු බැගින්ද, මාතලේ, නුවර එළිය, පොළොන්නරුව සහ මඩකලපුවෙන් මන්ත්‍රීවරු 05 දෙනා බැගින් තෝරා ගැනෙනවා. ඊට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 04 දෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිතයි. මේ අතර මෙවර මන්ත්‍රී ආසන 196 ක් සඳහා 8,388 දෙනෙකු තරග වදින අතර, වැඩිම සංඛ්‍යාවක් ඉදිරිපත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 996ක්.

Social Sharing
අවකාශය නවතම පුවත්