රාජ්‍ය සම්පත් අවභාවිතය ගැන විශාල කතාබහක් නිර්මාණය වූ අතර, පසුගිය මැතිවරණ වේදිකාවේ එය ප්‍රධාන මාතෘකාවක් බවට ද පත් විය. නව රජය පත් වූ විගස ගාළු මුවදොර නවතා තිබු රජයේ වාහන මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශණයක් සිදු කෙරුන අතර එය නැරඹීම සදහා විශාල පිරිසක් පැමිණ සිටිණු දක්නට පෙනුණි. එසේ නවතා තිබූ වාහන සම්බන්ධව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වුයේ ඒවා පසුගිය රජය සමයේ විවිධ පුද්ගලයින් නීති විරෝධී ලෙස භාවිතා කිරීමෙන් පසුව නව රජය පත්වීමෙන් පසුව අතහැර දමා ගිය වාහන ලෙසයි. නමුත් මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ වී සතියක් යන්නට ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශ කලේ එම වාහන ජානාධිපති ලේකම් කාර්යාලට අයත් වාහන බවත්, ලේකම් කාර්යාලයේ ප්‍රමාණවත් ඉඩක් නොමැති නිසා එම වාහන ගාලු මුවදොර ඒවා ගාල් කර ඇති බවයි.
එම නාටකය එසේ අවසන් වුවත්, තවමත් රජය සතු විවිධ දේපල විවිධ පුද්ගලයින් විසින් අවභාවිතා කරන බවට සමාජය තුළ මතයක් මුල් බැස තිබේ. එයට පියමක් ලෙස එවැනි දේපල පිළිබදව යම් කිසි හෝඩුවාවක් තිබේ නම්, ආරක්ෂා සහිතව ඒ සදහා ගත හැකි සරළ පියවරක් පිළිබදව වැඩ බලන පොලිස්පතිවරයා විසින් අවධානය යොමු කර තිබේ.
ඒ අනුව රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක් හඳුන්වා දී ඇත. 1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම දේපළ සහ වාහන පිළිබඳව දැනුම් දිය හැකිය.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ එලෙස නිවැරදි තොරතුරු දන්වන පුද්ගලයින්ට පොලිසියෙන් ත්‍යාගයක් ලබාදෙන බවය. එමෙන්ම, එලෙස තොරතුරු සපයන්නාගේ රහස්‍යභාවයද ආරක්‍ෂා කෙරෙන බවද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේය.