දිනකට පොලිසිය විසින් විවිධ පාර්ශවයන් වධහිංසනයන්ට පත් කරන අතර ඔවුන්ට එරෙහිව වාර්තා වන කෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ඉතා අවම මට්ටමක පවතියි. මෙවැනි අවස්තාවක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහුගිය අගෝස්තු මස 22 දින නිකුත් කරන ලද තීන්දුවෙහි සඳහන් වූයේ එක් තීන්දුවක් ලබා දෙනවාත් සමඟ තවත් එවැනි සිදුවීමක් වාර්තාවන බවයි.
විශේෂයෙන් පහුගිය කාලවකවානුවේ වධහිංසනයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම මානව හිමිකම් කොමිසමත් තීන්දු ගණනාවක් ලබා දී ඇත. එහෙත් එම තීන්දු සම්බන්ධයෙන් පොලිසිය සහ පොලිස් කොමිසම ක්‍රියාත්මක වී නොමැත.
මේ සම්බන්ධයෙන් අද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිසිය භාර අමාත්‍යංශලේකම්ට ලිපියක් යොමු කර ඇති අතර ඔවුන් එහිදි ඉස්මතු කළ ඇති කරුණු වන්නේ,
1. ශ්‍රී ලංකා පොලිසියේ සිදුවන නීති විරෝධි අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ වධහිංසාවටලක් කිරීමේ සිද්ධීන් දිගින් දිගටම වාර්තාවන බවත්.
2. 2024 අගෝස්තු 22 වැනිදා SC FR 18/2016 මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ එක් තීන්දුවක් ලියා පෑනේ තීන්ත වේලිමට ප්‍රථම තවත් එවැනි සිදුවීමක් වාර්තාවන බවයි. එම තීන්දුව ප්‍රකාශයට පත් කර ශ්‍රේෂ්ඨාධිකරණය අදාල සිද්ධියේ තීන්දුවට පසු ශ්‍රේෂ්ඨාධිකරණය පොදු නිරීක්ෂණ කිහිපයක් සටහන් කර තිබේ. එම තීන්දුවේ 67 වන ඡේදයේ සඳහන් වන ආකාරයට අනුව ශ්‍රී ලංකා පොලිසියේ නායකත්වය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. නායකත්වයට පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පමණක් නොව පොලිසිය පවරා ඇති අමාත්‍යවරයා සහ විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරයා ද ඇතුළත් වනු ඇත. ජාතික පොලිස් කොමිසම ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය වේ.
3. පොලිස් වධහිංසා සිදුවීම් නතර කිරීමෙහිලා අමාත්‍යංශ ලේකම් ලෙස ඔබට ද බරපතල වගකීමක් ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ සඳහන් වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ 69 වැනි ඡේදයේ සඳහන් වන ආකාරයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 118 (b) ව්‍යවස්ථාව සමඟ කියවා ඇති 4 (c) මෙම අධිකරණය සැලකිල්ලට ගනී, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට මෙම අධිකරණය නියම කරයි. එය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධ ආරවුල් විනිශ්චය කිරීම ඇතුළත් නමුත් ඒවාට සීමා නොවන යුතුකමකි. එබැවින් පවතින තත්ත්වයට ඵලදායී ලෙස විසඳුම් ලබා නොදෙන්නේ නම් සහ වධහිංසා සහ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම ඉවත් නොකළහොත්, මෙම අධිකරණයේ ඉදිරි තීන්දු තීරණවල නායකත්වයට සහ පොලිසියේ ඉහළ කළමනාකාරීත්වයට එරෙහිව සම්බාධක ඇතුළත් විය හැකිය. එය පදනම් වනුයේ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන සහ අපරාධ විමර්ශන පද්ධතියෙන් වධහිංසා පැමිණවීමේ, කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම් තුරන් කිරීමට ඔවුන් අසමත් වීම මත ය.
4. මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශයට සහ අමාත්‍යංශ ලේකම්ට ද පොලිස් වධහිංසාව සහ අවමන්සහගත සැලකීම් වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇත්තේ අත්හළ නොහැකි වගකීමක් බැවින් ඒ අනුව ඔවුන් ඉල්ලීම් කිහිපයක් කර ඇති අතර,
I. කිසිම පුද්ගලයකු කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට ලක් නොකරන ලෙස සහ එවැනි ලක්කිරීමක් ගැන තොරතුරක් ලද වහාම ඉහළ නිලධාරීන්ට වාර්තා කර ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙසට සියලුම පොලිස් නිලධාරීන් දැනුම්වත් කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙස ඉල්ලා ඇත.
II. පොලිසිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය වසර හතරක කාලය ඇතුළත ලබා දුන් තීන්දු සියල්ල මේ සමග ඔබ වෙත එවමි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා තීන්දු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
III. පොලිසියට එරෙහිව පසුගිය වස හතර ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති මූලික අයිතිවාසිකම් තීන්දු සියල්ලෙහි සහතික පිටපත් ලබාගෙන මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තහවුරු කර ඇති සියලුම නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙසට පොලිස්පතිට උපදෙස් දෙන ලෙස ඉල්ලා ඇත.