සක්‍රිය විශ්‍රාමිකයින් සංඛ්‍යාව 717,347ක්. මාස 9ක වියදම රුපියල් කෝටි 2,530ක්!

Active Pensioners in Government Service

මෙම වසරේ සැප්තැම්බර් මස වනවිට රජයේ සේවයේ සමස්ත සක්‍රිය විශ්‍රාමිකයින් සංඛ්‍යාව 717,347ක් බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතර සිවිල් විශ්‍රාමිකයන් සිවිල් විශ්‍රාමිකයින් 392,966ක්, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්ලාභීන් 187,913ක් සහ හමුදා සේවයේ නියුතු විශ්‍රාමිකයන් 136,468ක් සිටිති. ඒ අනුව මෙම වසරේ මුල් මාස නවය තුළ සමස්ත විශ්‍රාමිකයන් ගණන වන 717,347ක් වෙනුවෙන් වැයකර ඇති මුළු මුදල රුපියල් මිලියන 253,631ක් වේ. එය දළ වශයෙන් රු. කෝටි 2,530ක් වේ.

දිස්ත්‍රික්ක පදනමින් ගත් කළ විශ්‍රාමිකයන් වැඩිම සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්කය ලෙස වාර්තාවන්නේ ගම්පහ වන අතර එය 90,791ක් වේ. දෙවනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම විශ්‍රාමිකයන් වාර්තා වන අතර එම ප්‍රමාණය 89,601 වේ. තෙවනුව කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් වැඩිම විශ්‍රාමිකයන් ප්‍රමාණයක් වාර්තාවන අතර එම ප්‍රමාණය 70,408ක් වේ. එමෙන්ම සිව්වැනිව වැඩිම විශ්‍රාමිකයන් සිටින දිස්ත්‍රික්කය වන්නේ මහනුවර දිස්ත්‍රික්කය වන අතර ඒ අනුව විශ්‍රාමිකයන් 62,740කි. පස්වෙනුව කළුතර දිස්ත්‍රික්කයෙහි විශ්‍රාමිකයෝ 46,382ක් සිටිති. අඩුම විශ්‍රාමිකයන් ප්‍රමාණයක් සිටින්නේ මුලතිව් දිස්ත්‍රිකකයේය. එය 1,281 කි.

2025 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ඇස්තමේන්තු කර ඇති වියදම පිළිවෙළින් සිවිල් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් මිලියන 3,17,000ක්, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් මිලියන 77,000ක්, පාරිතෝෂිත ගෙවීම් සඳහා රුපියල් මිලියන 47,000ක්, සමාජ සුබසාධනය සඳහා රුපියල් මිලියන 49,305ක්, දුම්රිය බලපත්‍ර සඳහා රුපියල් මිලියන 500ක්, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 35ක් වේ.

– චේතනා ගෝමිස්

Social Sharing
අවකාශය නවතම