පාසල් දරුවන්ගේ දිවා ආහාරය නවත්වා ඇති බවට වන ප්‍රචාර අසත්‍යයි

පාසල් දරුවන්ගේ දිවා ආහාරය කිසිඳු ආකාරයකට නතර කර නොමැති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

08 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී, පාසල් දරුවන්ගේ දිවා ආහාරය නතර කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පාසල් දරුවන්ගේ දිවා ආහාරය සඳහා මුදල් මේ වන විට යවා තිබෙන බවත්, ඇතැම් ස්ථානවල තාක්‍ෂණික හේතුන් මත ප්‍රමාද වීම් සිදු වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම කටයුත්ත නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත්, අඩුපාඩුවක් ව තිබුණු ස්ථානවලටත් මේ වන විට මුදල් ලබා දී ඇති බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය. පාසල් දරුවන්ගේ දිවා ආහාරය කිසිඳු ආකාරයකට නතර කිරීම සම්බන්ධව කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Social Sharing
අවකාශය ආර්ථික නවතම පුවත්