එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කිරීමටත් යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිඳු යෝජනාවකට එකඟ නොවීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව දිගින් දිගටම විරුද්ධ වන අතරම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිඳු යෝජනාවකට එකඟ නොවීමට තීරණය කළ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.
එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවද, දේශීය ක්‍රියාවලින් තුළින් සංහිදියාව ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලය සහ නිත්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයක් සමඟ සහයෝගීතාවයෙන් සහ අර්ථකාරී කථිකාවතකින් කටයුතු කරන බවටද තීරණය කර තිබෙනවා.
2024-09-09 දින සිට 2024-10-11 දින දක්වා ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යවරයා වන විජිත හේරත් ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.