පරණ පැමිණිලි වලට සති දෙකයි, අලුත් පැමිණිලි වලට පැය 48 යි!

Acting IGP Advocate Priyantha Weerasuriya

පොලිස් ස්ථාන වෙත පැමිණෙන විවිධ පැමිණිළි වාර්තා වූ දිනයේ ම ආරම්භකොට පැය 48ක් ඇතුළත විභාග කොට අවසන් කරන ලෙස වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත.

ඒ අනුව පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති එහෙත් තවමත් විභාග නොකර හෝ විභාග කොට අවසන් නොකර පවතින පැමිණිළි පවතින බැවින් මෙම තීරණය ගෙන තිබේ. මෙහිදී සුළු සිද්ධියක් වශයෙන් වාර්තාවන විවිධ පැමීණිළි වලට වඩා බරපතළ අපරාධයක් බවට පත් වීම, පොලීසිය කෙරෙහි මහජනයාගේ විශ්වාසනීය භාවය පළුදු වීම වැනි අගතියන්වලට පත්විය හැකි බැවින් පොලිසිය වෙත පැමිණෙන සියලු පැමිණිළි වහාම විභාග කොට අවශ්‍ය පියවර ගන්නා ලෙ සද පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති  මෙතෙක් විභාග නොකළ හා විභාග කොට අවසන් කර නොමැති පැමිණිළි සම්බන්ධයෙන් පරීක්ෂා කොට එම පැමිණිළි සති දෙකක් ඇතුළත විභාග කොට අවසන් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකසා ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තම පළාතට අදාළ පැමිණිළි සම්බන්ධයෙන් වාර්තාවක් සකස්කර මෙම මස 22 දිනට පෙර විද්යුත් තැපැල් මගින් වාර්තාව ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දී තිබේ.

Social Sharing
අවකාශය නවතම