කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතාව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර ඇත. මෙම සිදුවීම අලෙවි කුටියක් අසල සිදු වී ඇති අතර, එහිදී ආයතනය විසින් බාහිරව කුලියට ගෙන සේවයේ යොදවා ඇති බවුන්සර්වරයකු පාරිභෝගිකයෙකුට පිවිසුම් දොරටුවෙන් පිටනොවන ලෙස පවසා පාරිභෝගිකයාට බැණ වැදී පසුව පහර දී ඇත.
බවුන්සරයා විසින් පාරිභෝගිකයාගේ හිසට තුවාල සිදු වන තරම් දරුණු අන්දමට පහර දී ඇති බව වාර්තා වේ. නිසි ක්‍රමවේදයන්ට අනුව මෙවැනි සිද්ධීන් පොලිසියට වාර්තා කළ යුතුය. සිද්ධිය වූ ස්ථානයේ පොලිස් නිලධාරීන් සිටියද කිසිවකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහා පියවර ගෙන නැත. මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා ආයතනයේ හා පොලිසියේ ක්‍රියාකලාපය දැඩිව ප්‍රශ්න කරයි. ඔහු සිද්ධිය පටිගත කළ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය හරහා මුදාහැර ඇත.
මෙම අවස්ථාවේදී, පොලිසිය කල්ප ගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ මාධ්‍ය හැඳුනුම්පත කල් ඉකුත් වී ඇති බවක් පොලිසිය පැවසුවද, ඔහු අත්අඩංගුවට ගැනීමට එය හේතුවක් වන්නේ නැත. මාධ්‍යවේදියකු සතුව අනිවාර්යයෙන් මාධ්‍ය හැඳුනුම්පතක් තිබිය යුතු බවට නීතියක් නොමැත.
මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා තමා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි. එමෙන්ම මෙම සිදුවීම සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගත් වීඩියෝවක් ඔහු විසින් ප්‍රසිද්ධ කර ඇත.