දිලිසෙන දිලිත් – අජිත් පැරකුම් ජයසිංහ

දිලිත්ගෙ දේශපාලන කැම්පේන් එක අධ්‍යයනය කරමින් ඉන්නෙ. ඒක සජිත් වගේ පුද්ගල කේන්ද්‍රීයයි. නාමල් වගේ ජාතිවාදයට බරයි. සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ප්‍රකාශනයක්. ඉතාම ස්වාර්ථවාදීයි (individualist). ස්වාර්ථවාදය තමයි නූතන ධනවාදයේ මූලික ලක්ෂණය. මාලිමාවෙ කොමියුනිස්ට් පරමාදර්ශ එක්ක ධනවාදයේ ස්වාර්ථවාදය කොහොමද ගලපන්නෙ කියන එක ඉදිරි කාලයේදී දැකිය හැකි වන අර්බුදයක්.

දිලිත්ගෙ පක්ෂෙ කියන්නෙ දිලිත්. ඒක මරු. රොෂාන් රණසිංහ එකතු වුණාම මල් මාලයක් වෙනුවට සභාපතිකම කරේ පළන්දනවා. සභාපති පත් කරන්න බොරුවට රැස්වීම් පවත්වන්නෙ නැහැ. යෝජනා ස්ථිර කරන්නෙ නැහැ. පස්සෙ වාර්තා ලියනවා. ඔය ප්‍රජාතන්ත්‍රවාදී, විප්ලවවාදී කොයි සංවිධානයත් එහෙමම තමයි. දිලිත් ඒක වේදිකාවෙම කරනවා. බෙල්ලෙ බැඳගෙනම කනවා.

අහුවෙන ඕනැ එකෙකු එක්ක, ඌ ඉන්න කල් ගේම ගහගෙන යන එක තමයි දිලිත්ගෙ මූලෝපාය. රනිල් 2022-24 ආණ්ඩුව තුළ සාර්ථක වුණෙත් එහෙමයි. අහුවෙන එවුන් එක්ක වැඩ කළා. ඇවිල්ලා ජොබ් කට්ටක් හිඟපු පුලන්නන්ට ජනාධිපති උපදේශකකම් අරව මේව දුන්නා. රනිල්ට උන්ගෙ උපදේශකකම්වලින් වැඩක් නැහැ. දිලිතුත් ඒ වගේ ගමනක් යන්නෙ. දිලිත්ට ඉලක්කයක් තියෙනවා. රටේ ජනාධිපති වෙන එක. එයා බස් එක එළවන් යන්නෙ ඒ පැත්තට. අනෙක් එවුන් නගිනවා, බහිනවා.

දිලිත් දන්නවා, අනුරගෙ ආණ්ඩුව දිව්වත්, නැතත්, ඊළඟ අවස්ථාවට තියෙන්නෙ සීමිත තරගයක් බව. දිලිත් දැනටමත් නාමල් පහුකරලා ඉවරයි. හේතුව නාමල් ලක්ෂ හැට නමයක ඉඳලා ක්ෂය වුණ කෙනෙක්. දිලිත් අලුතෙන් උපයපු ඡන්ද ප්‍රමාණයක් තියෙන්නෙ. මේ දෙන්නම ට්‍රයි කරන්නෙ ජාතිකවාදී කඳවුර අල්ලගන්න. මහින්ද රාජපක්ෂගෙන් පස්සෙ එතන ලොකු රික්තකයක් තියෙනවා.

දිලිත්ගෙ කැම්පේන් එක ස්ටඩි කරන්න වටිනවා. මොක්කු හරි හාල්කෑලි ටිකක් පටවගෙන දිවයින පුරා නාමයෝජනා ලැයිස්තු දාලා ජාතික ලැයිස්තුවෙන් එක සීට් එකක්  හෝ දිනාගන්න දිලිත්ට පුළුවන් වෙයිද? ඊළඟ පාර්ලිමේන්තුවට පත්වෙන්න ඕනැ. නැතිනම්, සොරි ඩොට් කොම් දිලිත්.

Social Sharing
අවකාශය නවතම පුවත්