ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පසුගිය සැප්තැම්බර් 26 පවැතී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය අතරතුර, බලුකිස්තානයේ මානව හිමිකම් කවුන්සිලයේ (BHRC) නියෝජිතයෙකු වන Sami Ullah, බලුකිස්තානයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් ඉහළ යාමේ ගැටලුව කෙරෙහි එක්සත් ජාතීන්ගේ හදිසි අවධානය යොමු කළේය. බලුකිස්තානය යනු පකිස්ථානයේ විශාලත්වයෙන් වැඩිම නමුත් සංවර්ධිත බැවින් අඩුම පළාතක් වේ.
නීති විරෝධී ඝාතන සහ බලුකිස්තානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සහ ආරක්ෂකයින්ගේ විකෘති කළ සිරුරු සොයා ගැනීම ඇතුළුව පැතිර යන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙළා දකිමින් ඊට විරුද්ධව ජාත්‍යන්තර මැදිහත් වීමක් සැමි උල්ලා විසින් ප්‍රකාශ කළේ, “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන, සහ බලුකිස්තානයේ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ සහ සමාජ දේශපාලන ක්‍රියාකාරීන්ගේ විකෘති කළ සිරුරු සොයා ගැනීම පකිස්ථානය විසින් බලුකිස්තානයේ සිදු කරන ලද මානව හිමිකම් කඩකිරීම්වල අංගයන් වන බවයි. මෙවැනි අපරාධ හරහා පකිස්ථානය විසින් සැලසුම් සහගතව කරනුයේ, බලුකිස්තානයේ මානව හිමිකම් ආරක්ෂක ආයතන භෞතිකව බලුකිස්තාන සමාජයෙන් ඉවත්කර දැමීමට උත්සාහ කරන බවයි.”
BHRC විසින් රැස් කරන ලද දත්ත වලට අනුව, බලුකිස්තානයේ තත්වය භයානක මට්ටමකට පැමිණ තිබේ. 2022 දී පමණක් පුද්ගලයන් 367 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර, 79 දෙනෙකු නීති විරෝධී ලෙස ඝාතනය කර ඇති බව වාර්තා විය. ලාහෝර්හි රෝහලකින් අතුරුදන් වූවන් අතර සිටින බවට විශ්වාස කෙරෙන නාඳුනන පුද්ගලයන්ගේ මළ සිරුරු 38ක් සොයා ගැනීම ඉමහත් ආන්දෝලනාත්මක තත්ත්වයකට හේතු විය.
2023 දක්වා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් 416ක් වාර්තා වී ඇති අතර, මෙම ප්‍රවණතාවය දිගටම පැවතුනි. මේ අතර, බලුකිස්තානයේ විවිධ ප්‍රදේශවලින් සිරුරු 36 ක් සොයා ගෙන ඇති අතර, වධහිංසාකළ බවට සලකුණු සහ වෙඩි උණ්ඩවල තුවාල එම සිරුරුවල සටහන් වී තිබුණි.
2024 වසරේ මුල් භාගයේදී පුද්ගලයන් 206 දෙනෙකු අතුරුදන් වූ බව වාර්තා වූ අතර, ඉන් පුද්ගලයින් 15 දෙනෙකු ඝාතනය කර, ඔවුන්ගේ සිරුරු විවිධ ස්ථානවල බැහැර කර ඇති බව සොයා ගන්නා ලදී. මෙම බලහත්කාර අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන ස්ථාපිත ජාත්‍යන්තර නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව උල්ලා විසින් වැඩිදුරටත් අවධාරණය කළේය.
බලුකිස්තානයේ තවමත් අතුරුදන්ව සිටින දහස් සංඛ්‍යාත පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට තීරණාත්මක පියවර ගන්නා ලෙස ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේය. BHRC විසින් ඉල්ලා සිටියේ, බොහෝ පවුල් තම ආදරණීයයන් පිළිබඳ පිළිතුරු සොයමින් නිශ්ශබ්දව දුක් විඳින, මෙම කලාපයේ පොදු ගැටලුවක්ව පවතින මානව හිමිකම් අර්බුදය කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරන බවයි.
සටහන – Srimal DC