විදුහල්පති හිමිනම අට හැවිරිදි දැරියව අපයෝජනයට ලක් කරළා.

monk

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක විදුහල්පති හිමිනම විසින් එම පාසලේ හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන අට හැවිරිදි සිසුවියක් වරින්වර අපයෝජනයට ලක් කර ඇත. මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර විදුහල්පති හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බව කැබිතිගොල්ලෑව කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. මෙම හිමිනම එම අධ්‍යාපන කලාපයේ රජයේ පාසලක විදුහල්පතීත්වය දරන හිමිනමක් වේ. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ  හදිසි දුරකතන ඒකකයට (1929) පැමිණි පැමිණිල්ලක් ඔස්සේ මෙහි විමර්ශන කටයතු අරඹා ඇත. එම විමර්ශනයට අනුව මේ වන විට දැරියගේ මවගෙන් හා දැරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. සැකකාර විදුහල්පති හිමිනම විසින් ලිංගික අතවර කර ඇති බව කියන අට හැවිරිදි දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ද ඉදිරිපත් කර ඇත.

මෙම විදුහල්පති හිමිනම වැඩවසන විහාරස්ථානය ඉදිරිපිට මෙම දැරිය වාසය කරන නිවස පිහිටා ඇති අතර එම දැරිය මෙම විහාරස්ථානයට ගිය අවස්ථාවල මෙම දැරියට වරින්වර මෙම අපරාධය සිදුකර ඇති බව මූලික විමර්ශනවලින් වාර්තා වේ.

දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 360 වගන්තිය අනුව ළමුන් ලිංගික ක‍්‍රියාකාරකම් සදහා යොදා ගැනීම වරදකි. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 22 දරන සංශෝධන පනත අනුව ලිංගික හිංසනයක වරදකරුට බරපතල වැඩ සහිතව වසර හතක අවම සිර දඬුවමක් හා දඩයක් ද නියම වන්නට පුළුවන්. මෙම දඬුවමේ උපරිමය අවුරුදු 20ක් විය හැකි ය.

වසර නවයකට ඉහතදී අකුරැස්‌ස ඇල්ලවෙලදී 16 හැවිරිදි පාසල් සිසුවියක උපකාරක පන්තියේදී ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඔප්පු වූ උපකාරක පන්ති ගුරුවරයකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් 2019දී වසර 20 ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කළේය. මෙයට අමතරව රුපියල් දස දහසක දඩයක්‌ද, දඩය නොගෙවන්නේ නම් තවත් සය මසක සිරදඬුවම් ද නියම කෙරිණි. අකුරැස්සේ පාසල් ගුරුවරයාට උපරිම දඬුවම් ලබා දීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර තිබේ.

 

Social Sharing
නවතම පුවත්