ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා ගේ ‘‘The India Way: Strategies for an Uncertain world’’ කෘතිය ඉන්දීය මාවත, අවිනිශ්චිත ලෝකයක උපාය මාර්ග මැයෙන් සිංහලට පරිවර්තනය කර කොළඹ දී අද (04 ඔක්තෝම්බර්) නිකුත් කෙරේ.
2008 වසරේ ලෝක ආර්ථීක අර්බුදයේ සිට 2020 කොවිඩ් -19 වසංගතය දක්වා කාලය තුළ ලෝකයේ අනුපිළිවෙල පරිවර්තනයකට පත් වූ අතර එහි අභියෝග හා ඉන්දියාව යෝජනා කරන ප්‍රතිපත්තිමය ප්‍රතිචාර සහිත විශ්ලේෂණයක් මෙම කෘතියෙන් අනාවරණය කරයි. අජිත් පැරකුම් ජයසිංහ සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ඉන්දීය මාවත කෘතිය පාත්ෆයින්ඩර් පදනමේ ප්‍රකාශනයකි.
ජාත්‍යන්තර දේශපාලනය ගැන ලියැවුණ පරිච්ඡේද අටකින් හා පිටු 225 කින් සමන්විත ඉන්දීය මාවත කෘතියෙහි පිටපත් මහජන පුස්තකාල හෝ විශ්ව විද්‍යාලවල ජාත්‍යන්තර අධ්‍යන අංශවලට නොමිලේ ලබාගත හැකි අතර [email protected] හෝ 0114259952-3 යන දුරකතන අංක වලින් මේ පිළිබදව විමසිය හැකිය.