සිවිල් සමාජ කණ්ඩායම් සහ නායකයන් පිරිසක් විසින් ඉදිරි මහ මැතිවණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂකත්වය සඳහා අවම වශයෙන් 50% ක් කාන්තාවන් ඇතුළත් කරගන්නා ලෙස ඔක්තෝබර් 1දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත. ඒ අනුව නව ජනාධිපතිතුමා දුෂණයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කටයුතු කරන බැවින් හැකිතාක් කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලා සිටිමින් සිවිල් සමාජ කණ්ඩායම් 26කට අධික සංඛ්‍යාවක දේශපාලනයේ නියැලෙන කාන්තාවන් ඇතුළුව පිරිමින් 330කට අධික සංඛ්‍යාවකගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර ඇත.
“නොවැම්බර් 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයත් සමඟ, තීරණ ගැනීමේදී කාන්තාවන් සහභාගී වන පක්ෂ ව්‍යුහය ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සහ නායකත්ව තනතුරු සඳහා අවම වශයෙන් 50%ක් කාන්තාවන් නම් කිරීමෙන් ඔබේ නායකත්වය යටතේ ශක්තිමත් ආදර්ශයක් ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු,” යනුවෙන් මෙම ලිපියේ සඳහන් කර ඇත.
එමෙන්ම ඔවුන් පවසන ආකාරයට ඉදිරියේදී ඇති දැවැන්ත අභියෝගයන් වන ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ජනතාව ඡන්දය දුන් බවත් කෙසේ වෙතත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි ජනගහනයෙන් අඩකගේ පූර්ණ සහභාගීත්වය නොමැති විටදී, මෙම ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ බලපෑමෙන් අඩු විය හැකි බවද මෙම ලිපියේ සඳහන් කර ඇත.
ලිපියේ උපුටා ගැනීම් මෙසේය:
“පවතින ආර්ථික අර්බුදය තුළ, ගැඹුරින් මුල් බැසගත් දූෂණය සමඟින්, පද්ධතිමය වෙනසක් උදෙසා දැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන අතර මෙම පරිවර්තනයේදී කේන්ද්‍රීය වන්නේ පාලනය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන්හි කාන්තාවන්ගේ සමාන මැදිහත්වීමයි. නමුත් සමාජයේ පවතින සාම්ප්‍රදායික බාධක සහ ගැටුම් ආශ්‍රිත විෂමතා බොහෝ කාන්තාවන්, විශේෂයෙන් සුළුතර ප්‍රජාවන්හි කාන්තාවන් දේශපාලනයට පැමිණීම වළක්වයි.ආචාර්ය. හරීනි අමරසූරිය මැතිණිය මෙම ගැටලුවෙන් ජයගත් කාන්තාවක් වන අතර, ඇයගේ ද සහාය ඇතිව, කාන්තාවන්ගේ නියෝජනය වැඩි කරගනිමින් රජයේ තීරණ ගැනීමේ භූමිකාවන්ගෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ට පැවරීම ඉලක්ක කර ගනිමින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම මෙම මැතිවරණයෙන් ඔබ ආරම්භ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
“ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ දෙකෙහි වැදගත්කම ගෞරවයෙන් පෙන්වා දෙන අතර හැකි ඉක්මනින් පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙය ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ සමපාත වන අතර විශේෂයෙන් සුළු ජාතීන්ට සාධාරණ ලෙස සැලකීම, ඔවුන්ගේ සම්පත් කළමනාකරණය කිරීමට ඔවුන්ට බලය ලබා දීම සහ ඔවුන් වසර 15කට වැඩි කාලයක් තිස්සේ සොයන වගවීමේ රාමු ස්ථාපිත කිරීම වැදගත්ය. දෙමළ කතා කරන ප්‍රජාවන්ගේ දිගුකාලීන දුක්ගැනවිලි විසඳීමට ඔබේ පරිපාලනය තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
යහපාලනය ආණ්ඩුව සමයේ ආරම්භ කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කැපවීම ඉතා වැදගත් බව ද ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජිත කමිටුවේ සාමාජිකාවක වූ අතර නව ශ්‍රී ලංකාවක් සඳහා කාන්තාවන්ගේ, විශේෂයෙන්ම සුළුතර කාන්තාවන්ගේ, අභිලාෂයන් පිළිබඳව සියුම් දැනුමක් ඇයට පවතින බව ද පවතින කෙටුම්පත දිගටම සංවර්ධනය කරගෙන යාම අත්‍යවශ්‍ය බව ද මෙම ලිපියේ තවදුරටත් සඳහන් වේ