සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් පසුගිය ජනාධිපතිවරණයේදී තම ප්රචාරක කටයුතු සඳහා වැඩිම මුදලක් වැය කර ඇත්තේ රූපවාහිනිය, ගුවන්විදුලිය සහ පුවත්පත් දැන්වීම් සඳහා බව ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි.
IRES කාර්යමණ්ඩලය විසින් එකතු කරන ලද දත්තවලට අනුව සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් මිලියන 1000ක් වියදම් කර එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇති බවද මංජුල ගජනායක මහතා පැවසීය. ඒ අනුව රූපවාහිනිය සඳහා රු. 1,413,736,138.75ක් ද, ගුවන් විදුලිය සඳහා රු. 37,313,591.61ක් ද, පුවත්පත් සඳහා රු. 113,795,288.98 ක් ද වශයෙන් ප්රචාරක කටයුතු සඳහා රුපියල් 1,582,845,019.36ක් වැය කොට ඇත. එනම් රු. කෝටි 159කි. ඔහුගේ සියලු ප්රචාරක වියදම් එකතු කරන විට මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කරන ලද ප්රචාරක මූල්‍ය සීමාව ඉක්මවා තිබිය හැකි බව ඔහු පවසයි.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක දිලිත් ජයවීර රු. 838,800,632.81ක් හෙවත් කෝටි 84ක් පමණ වැය කර ඇත. ඒ අනුව රූපවාහිනියේ රු. 808,799,487.66ක් සහ පුවත්පත් දැන්වීම් සඳහා රු. 24,332,996.25කි. එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වෙනුව වැඩිම වියදමක් ප්‍රචාරණ කටයතු සඳහා වැය කොට ඇති අතර එය මුදලින් රු. රු.613,515,122.50ක් හෙවත් කෝටි 61ක් පමණ වේ. එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්වැනියා ලෙස රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් දැන්වීම් සඳහා රු. 271,255,927.67ක් හෙවත් කෝටි 27ක් වැය කොට ඇත.
අගෝස්තු 15 වනදා සිට සැප්තැම්බර් 18 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දවසේ පැය 24 පුරාම ප්‍රධාන ධාරාවේ සියලුම ජාතික පුවත්පත්, රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා නිරීක්ෂණය කිරීම සඳහා IRES සිය කාර්ය මණ්ඩලය යොදවා ඇති බවත් ඒ සඳහා ආයතනයට රුපියල් මිලියන 4කට ආසන්න මුදලක් වැය වූ බවත් මංජුල ගජනායක මහතා ප්‍රකාශ කරයි.
2019 වසරේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක වශයෙන් අපේක්ෂකයින්ගේ ප්රචාරක වියදම් නිරීක්ෂණය කිරීම ආරම්භ කළේ මංජුල ගජනායක මහතා ය. CMEV විසින් අනෙකුත් අධීක්ෂණ දූත මණ්ඩල සහ සිවිල් සමාජ සංවිධාන සමඟ එක්ව මෙම මුලපිරීම ඉදිරියට ගෙන යන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත නීතියක් බවට ද පත් විය.
2024 ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයෙකුට ඔහුගේ හෝ ඇයගේ ප්රචාරක කටයුතු සඳහා ලියාපදිංචි ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කිරීමට අවසර දී ඇති උපරිම මුදල රුපියල් එකසිය නවයක් (රු. 109.00) වන අතර, උපරිම වශයෙන් රු. 1,868,298,586.00ක් හෙවත් කෝටි 187ක් පමණ මුදලක් සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් 17,140,354ක් සඳහා වැය කළ හැකි විය.
ඉහත දක්වන ලද තොරතුරු අනුව, සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණය වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදලට වඩා මුදලක් වැය කර ඇති බව අනුමාන කළ හැකිය.
2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ මැතිවරණයකදී අපේක්ෂකයකුට නියම කර තිබෙන උපරිම සීමාවට වඩා වියදම් කරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. ඒ වෙනුවෙන් ඕනෑම පුරවැසියකුට හෝ දේශපාලන පක්ෂයකට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකිය. අදාළ විමර්ශන හා නීතිමය පියවර සඳහා කොමිෂන් සභාවට බලය තිබේ.
නඩු විභාගයෙන් වැරදිකරු වන අපේක්ෂකයකුට දඩ, සිර දඬුවම් පැනවීමට මෙන්ම අපේක්ෂකත්වය අවලංගු වීමට ද හැකිය.