ගුරුවරුන්ගේ හිරිහැර නිසාවෙන් කථන ආබාධයකට ලක් වූ හත් හැවිරිදි සිසුවා

A student with a speech impediment

මහියංගණය, දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දරුවෙකුට පාසලේ ගුරුවරියන්ගේ හිරිහැර කරදර හේතුවෙන් කථන ආබාධයකට ලක්ව ඇත. එම හේතුව නිසාවෙන්ම මාස 09ක් ම මෙම දරුවාට පාසල් ගමන ද අහිමිව ඇත.

මේ වන විට මෙම දරුවා මහියංගණය මූලික රෝහලේ මානසික සෞඛ්‍ය සායනයෙන් ප්‍රතිකාර ගනු ලබන අතර මානසික සෞඛ්‍ය සායනයේ වෛද්‍ය නිර්දේශය වන්නේ ද දරුවෙකු පාසලේ දී හිංසනයට, හිරි හැරවලට හා පීඩනයට ලක් වීම හේතුවෙන් කථන ආබාධ එනම් ගොත ගැසීම් වැනි තත්ත්ව ඇති විය හැකි බවත්, එවැනි තත්වයන් සායනික ප්‍රතිකාර මඟින් සුවපත් කළ හැකි බවත්‍ ය. එමෙන්ම මෙවැනි අවස්ථාවල දී දරුවා වෙනත් පාසලකට මාරු කර යහපත් මානසික තත්ත්වයක් උදා කර දීමෙන් මෙවැනි රෝග තත්තවයන්ගෙන් මුදවා ගත හැකි බවද වෛද්‍ය නිර්දේශය වේ.

ඒ අනුව මේ වන විට දරුවා නව පාසලකට ඇතුළත් කර ඇති බවත් ඔහු පාසල් යෑම නැවත ආරම්භ කර ඇති බවත් ඇයගේ විදෙස්ගත මව ප්‍රකාශ කර ඇත. දරුවාට පාසලේ දී සිදු වූවා යැයි පැවසෙන හිරිහැර හා වදහිංසා සම්බන්ධයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කළ අනාවරණයත් සමඟ මෙම සිද්ධිය සම්බන්ධව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අනුව විමර්ශන නිලධාරින් ඊයේ දිනයේ (01) සේරාණ ප්‍රාථමික විද්යාලයට හා දෙහිගොල්ල ජාතික පාසල් වෙත ගොස් ඇත.

-චේතනා ගෝමිස්-

Social Sharing
අවකාශය නවතම