පසුගිය දා රුපියල් බිලියන ගණනක මුදල් රජයට අහිමිකරමින් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබා දීමට කටයතු කිරීම මඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති පවසමින් ගොනු කරන ලද පෙත්සමක් මේ මස 14 වන දින කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින (30) නියෝග කර ඇත.
පසුගිය ජූලි මස 05 වැනි දා නිකුත් කර ඇති මෙම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් බදුලුඔය මලගල්ලේ සුජාත හිමියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
මෙම පෙත්සම ජනතාවට වැදගත් වන කරුණක් මත පදනම්ව ඇති බැවින් එය කඩිනමින් විභාගයට ගන්නා ලෙස එහිදී පෙත්සම්කාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා ඉල්ලා ඇත.
මෙහි වග උත්තරකරුවන් ලෙස මුදල් අමත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක්, ගෝල්ඩන් අයිඩන් හොස්පිටලිටි සමාගම ඇතුළු පිරිසක් වෙති. ගෝල්ඩන් අයිලන්ඩ් හොස්පිටලිටි සමාගම යටතේ පවත්නා මැජිස්ටික් ෆ්‍රයිඩ් කැසිනෝ ශ්‍රී ලංකා නමැති ආයතනයට වසර පහක කාලයකට බල පැවැත්වෙන පරිදි කැසිනෝ ව්‍යාපාර පැවැත්වීම සඳහා බලපත්‍රයක් නිකුත් කර ඇත. මෙම බලපත්‍රය ලබාගෙන ඇත්තේ පවතින නීති හා රෙගුලාසි වලට අනුකූලව නොවන අයුරින් බව පෙත්සමෙහි සඳහන්ව ඇත.