පුටින්ගේ ලියුමක් රැගෙන රුසියානු තානාපති, ජනපති අනුර හමුවෙයි

 

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ජාගර්යාන් (HE Russian Ambassador Mr. L.Dzhagaryan) මහතා සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් 2024 ඔක්තෝබර් 01වන දින පැවැත්විණි. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රුසියානු තානාපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙනුවෙන් සුබපැතුම් පණිවිඩය ලබා දීම සහ 2024 ඔක්තෝම්බර් 22 – 24 යන දිනවල රුසියාවේ කසාන්හි පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී වීමට ආරාධනාවද රුසියානු තානාපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දෙන ලදී.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වර්තමාන පරිමාව සහ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ සමහර කරුණු පිළිබඳව දෙපාර්ශවයන් විසින් අදහස් හුවමාරු කර ගත්හ.

 

 

සටහන – Srimal DC

Social Sharing
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග