ලෝක ළමා දිනය දා උප්පැන්න නැති ළමුන්ට උප්පැන්න

 

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තිමේන්තුව විසින් උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබා දීමේ ව්‍යාපෘතියක් ලෝක ළමා දිනය යෙදෙන අද දිනයට සමගාමීව සිදු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත කරගෙන ඇත. එමෙන්ම උප්පැන්න සහතික ලබා ගැනීම වෙනුවෙන් කිසිදු ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන අතර ඔක්තොම්බර් මාසය පුරා උප්පැන්න සහතික ලබා ගැනීමේ හැකියාව ද පවතින බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞෂල්‍යා මහත්මිය පවසයි.

1981 වර්ෂයේ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ ළමා ප්‍රඥප්තියට අත්සන් තබමින් පාර්ශවකාර රාජ්‍ය‍යක් බවට ඇත. එම ප්‍රඥප්තියේ 7 වැනි ව්‍යවස්ථාවට අනුව උපදින සෑම ළමයෙකුටම ජාතියට සහ නාමයකට අයිතියක් ඇති බව පිළිගෙන ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මට්ටමින් සේවය කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධනය කරනු ලබන නිලධාරීන් සමඟ එක්ව උප්පැන්න සහතික නොමැති ළමුන් හඳුනාගෙන එම සහතික ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දී පාසල් වලට දරුවන් ඇතුළත් කිරීම ද කරනු ලැබේ.

Social Sharing
අවකාශය නවතම පුවත්