යාපනයේ වසා දමා ඇති මාර්ගත් විවෘත කර දෙන්න – අංගජන් රාමනාදන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීව අංගජන් රාමනාදන් මහතා විසින් යාපනයේ, අධි ආරක්ෂිත කලාපවල පිහීටි ප්‍රධාන මාර්ග කිහිපයක් ජනතාවගේ පරිහරණය උදෙසා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාර්ග දෙකක් යළි විවෘත කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තමා අගය කරන බවත් ඒ අනුව යමින්, යාපනයේ අධි ආරක්ෂිත කලාපවල පිහිටි මාර්ග කිහිපයක් විවෘත කරන ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සිය ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා.

යුද්ධය අවසන් වී වසර 15 කට වැඩි කාලයක් ගතවී ඇතත්, ජන ජීවිතයට ඉතා තීරණාත්මක ලෙස බලපාන යාපනයේ පලාලි පාර, අච්චුවේලි යායවිලන් තෝලකට්ටි පාර, යායවිලන් යාපනය ගුවන් තොටුපල පාර, කන්කසන්තුරේ කිරිමලේ පාර (ජනාධිපති මන්දිර පාර) ඇතුළු ප්‍රධාන මාර්ග විවෘත කර දීමට කටයුතු කරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මෙම මාර්ග වසා තැබීම හේතුවෙන් උතුරු ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතු සහ ගමනාගමනය සීමා කර ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා නව රජය මෙම මාර්ග විවෘත කරදීමට කටයුතු කරන්නේ නම් එය ජාතික සංහිඳියාව මෙන්ම ප්‍රාදේශීය සංවර්ධනයද ශක්තිමත් වනු ඇති බව එම ලිපියේ සදහන් වේ.

අදාල ලිපිය පහත දැක්වේ.

 

Social Sharing
අවකාශය නවතම පුවත්