සැබවින්ම ශ්‍රී ලංකාවේ මිනිසුන් ඔබට ට ස්තූතිවන්ත විය යුතුය. ඔබ දක්ෂ පරිපාලකයෙකි. එනිසා මම ඔබට ඒ වෙනුවෙන් ගරු කරමි.
නමුත් ඔබ අදක්ෂ දේශපාලන පක්ෂ නායකයෙකි. මම මේ බව මීට පෙරත් ඔබ මුණ ගැසී ඔබගේ මුහුණටම කිහිප වරක් කියා සිටීමේ භාග්‍ය ලදිමි. නමුත් ඔබ මා වැන්නවුන් කියන දේවල් කනකට වත් ගත්තේ නැත.
ඒ වෙනුවට වට කරගෙන සිටි මෙලෝ රහක් නැති සහ අදක්ෂ කේලම්කාර මිනිසුන්ගේ බස් නිර්මාණශීලීත්වයක් නැති නාමික උගතුන්ගේ බස්, ඉස්මුදුනෙන් පිළිගෙන ඔවුන්ගේ සීමා සහිත සමාජය සහ සමාගමය භාවිතයට ගත්තේය.
පක්ෂය ප්‍රතිසංවිධානය නොකළ ඔබ පක්ෂය සහ ප්‍රතාපවත්වත් අලියාගේ සලකුණ නොසලකා හැටියේය. ඔබට තාලය හා කලාව ගැන නිනව්වක් නොතිබූ අතර දේශපාලනයේදී එහි ඇති යොදා ගැනුම ගැන මා කී හැම විටකම සමච්චල් සහගතව නොසලකා හැරියේය.
රටක් අනාථ වූ විට මහත් නොබියව සේවයකට පැමිණි ඔබව ජනතාවට නොදැනුනේ ඇයි? ඒ ඔබගේ උඩඟු කම නිසාය. මේවර මැතිවරණයේ ප්‍රතිඵලය ඔබට පක්ෂයක් තිබියදී, එම පක්ෂය අතහැර, එම පක්ෂය නොසලකා හැර නොවැදගත් කණ්ඩායමක් කෙරෙහි අනවශ්‍ය තක්සේරුවක් තැබීම මත ලබාගත් ප්‍රතිඵලයයි.
සමහර විට ඔබව ප්‍රතික්ෂේප කළ ජන කණ්ඩායම නැවත ඔසවාගෙන ඇවිත් ඔබ සමග කටයුතු කිරීමට ඉඩ තිබේ. ඔබගේ විලාසය මෙලෙස නම් එදාටත් ඔබ අසාර්ථක දේශපාලන නායකයෙකි. ඔබට පක්ෂ සංවිධානයක් කිරීමේ හැකියාවක් නැත. ඔබ ඒ භූමිකාව සඳහා වෙන කෙනෙකුට ඉඩ දෙන්නේ ද නැත.
එහි ඒකායන ප්‍රතිඵලය වන්නේ පරිච්ඡේදයක නිමාවයි.
කළ මෙහෙවරට ඔබට ගරු කරන නමුත් දැන්වත් පාදයක් පසුපසට ගෙන කණ්ඩායමක් සමග, සවන් දී වැඩ කිරීමට යුතුකමක් තිබේ. මන්ද යත් ඔබ නමට හෝ ප්‍රධාන පක්ෂයක නායකයා ලෙස තවමත් හඳුන්වා ගන්නා නිසාය.
ඔබට දීර්ඝායුෂ පතමින් නවතින්නම්.
නීතිඥ ජනක එදිරිසිංහ