ඉකුත් පාලන සමයේ ඊ- වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ රවුෆ් හකීම් යන අය විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයාට කියවා දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණා.
පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී වග උත්තරකාර ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය අධිකරණය හමුවේ පෙනී සිටියා.