මේ රටේ දේශපාලඥයෝ කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණයට හේතු වුණේ, යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් අද (25) පෙරවරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, මේ රටට ආදරය කරන මිනිස්සු නම් ඔය දේශපාලඥයෝ ඇත්තටම වර්ථමාන ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නේ නෑ, ඊයේ දැනගන්න ලැබුණා දැන් ලොකු ජාලයක් හදන්න යනවා මේ ගොල්ල, එක සන්ධානයක් හදලා, මේ සියලු දෙනා එකට එකතු වෙලා මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඊට පස්සේ බහුතර බලයක් අරගෙන. ඒ ගොල්ල බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා තනතුරෙන් පහ කරන්න. මේවා සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියට ගැලපෙන ඒවා නෙමෙයි. ඔය ඔක්කොම කෑ ගැහුවේ අපි රටට ආදරෙයි, අපි අරක කරනවා, මේක කරනවා, කියලා. දැන් ඉතින් ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිවරයෙක් පත් වුණා නේ, ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් තමයි සිස්ටම් චේන්ජ් එකක්, අරගලයේ ඉඳලාම ඔකනේ කිව්වේ, අරගලයේ ඉඳලා ඒ ඉල්ලපු ජන මතයට ගරු කරලා වර්ථමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති ධූරය භාර ගත්තා, දැන් කළ යුත්තේ දේශපාලඥයෝ හැටියට රටට ජාතියට ආදරය කරන මිනිස්සු නම් පැහැදිලිවම මෙතුමාට මේ අවුරුදු 05 කකුලෙන් අදින්නේ නැතිව කර ගෙන යන්න ඉඩ දෙන්න. ඒක තමයි දේශපාලඥයෝ කළ යුතු එකම ක්‍රියාදාමය.
මම දැක්කා දේශපාලඥයෝ විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා, මේ ජනාධිපතිවරයාට ජනතාවගේ කැමැත්ත ලැබුණේ ඇත්තටම බොහෝම අතලොස්සයි එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්ද තියෙන්නේ, අනෙක් ඒවා දුන්නේ මේ රටේ දේශපාලඥයෝ කෙරෙහි, මේ කරපු ජඩ වැඩ හින්දා, වෛරයකින්, වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණයට හේතු වුණේ, මේ රටේ අල්ලස, දූෂණය, වංචාව, රජකරපු යුගයක්නේ තිබුණේ, මැති ඇමතිවරු, මන්ත්‍රීවරු වරප්‍රසාද භුක්ති විඳපුවා දැක්කා නම් අර මුහුණු පොතේ යන වාහන ගොඩ දැක්කා නම් මෙව්වා කොහෙද තිබුණේ කියලා හිතෙනවා.එක වාහනයක මම හිතන්නේ ලීටරයකට වැඩ කරන්නේ කිලෝ මීටර 05 ක් නැත්මන් 03 යි.බලන්න කොළඹ ඉඳලා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ සමස්ථ රටේම මේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ පාවිච්චි කරපු වාහන වලට ගියපු වියදම්,තෙල් , වැටුප් දිහා බැලුවම මේ රට ඇත්තමට ගොඩනගන්න පුලුවන් ඒ වගේ ඉතුරු කරලා, ඉතින් ජනාධිපතිතුමා අදර්ශයක් දුන්නා මේ රටට එතුමාගේ දිවුරුම් දීමේ උත්සවය බොහෝම සරලව සිදු කරනු ලැබුවා.හැබැයි මතක තියා ගන්න ඕන, ජනාධිපතිතුමාට මම මේ කාරණය කියන්නේ, යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් පත් වුණාට පස්සේ ඔය විදිහටම කළා, ඒකත් ජනතාව ඒවත් දන්නවා.ඒ නිසා ප්‍රායෝගිකව ක්‍රියාවෙන් මේ හැම දෙයක්ම ඔප්පු කරන්න මම ඉල්ලීමක් කරනවා.
වත්මන් ජනාධිපතිතුමාට හොඳ ගමනක් යන්න පුලුවන්කමක් තියෙනවා, ඒ සඳහා නිවැරදි ගමන් මගක්, නිවැරදි දර්ශනයක්, නිවැරදි ප්‍රථිපත්තියක්,දැක්මක්, ඉලක්කයක් අවශ්‍යයි, ඒක මම විශ්වාස කරන විදිහට අනුර කුමාර දිසානායක අභිනව අපේ ජනාධිපතිවරයාට ඒක තියෙනවා.කට්ට කාලා, දුක් විඳලා, පැදුරේ ඉඳලා තමයි මේසයට නැග්ගේ, දැන් මේසෙන් පුටුවට නැගලා ඉන්නවා,ඒ නිසා මේක වට්ටා ගන්නේ නැතිව මේක ක්‍රමාණූකූළව හොරකම් කරපු නැති හරි හොඳ නිළධාරීන් තෝරා බේරා ගෙන, කටයුතු කරන්න.ඒ අය තනතුරු වලට පත් කරන්න.
විශේෂයෙන්ම මම කියන්න ඕන මධ්‍යම සංස්කෘතික අරමුදල, ජරාම ජරා ජීරණ වුණ ආයතනයක් බවට පත් වෙලා තියෙනවා, වහාම ඒ පිළිබඳව විදිමත් විගණනයක් කරලා මේ දූෂිත නිළධාරීන්ට නිසි විදිහට දඬුවම් දෙන්න කියලත් මම අතිගරු ජනාධිපතිතුමන්ගෙන්, සංස්කෘතික ඇමති විජත හේරත් මැතිතුමාගෙන් අභිනව අමාත්‍යංශ ලේකම්තුමන්ගෙන් මම බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා.මේ රටට ඩොලර් ගේන, ඩොලර් ටික ගන්න එකම ආයතනය තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල, මේ හරහා ලැබෙන සියලු මුදල් මධ්‍යසම සංස්කෘතික අරමුදලෙන් තමයි පාලනය වෙන්නේ, ඒ නිසා මේවා ඔක්කෝම පිරිසිදු කරලා ඉදිරි පැවැත්මක් ඇති මේ රටට අවශ්‍යය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
මේ රට මේ වන විට බංකොලොත් නේ, මේ වන විට බංගලිදේශය අවුල්නේ, මේ ඇඟලුම් කර්මාන්තය ගේන්න පුලුවන් මේ රටට නැවත වතාවක්, මේ රටේ අවශ්‍යය පහසුකම් ටික දීලා, කොමිස්කාරයින්ගෙන් බැහැර වෙලා , මේ රට නැවත දියුණු කරන්න පුලුවන්, ඒ විතරක් නෙමෙයි, සංචාරක ව්‍යාපාරයටත් ඒ විදිහටම කටයුතු කරන්න පුලුවන්, මම වර්ථමාන ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ වෙලාවේ කර්මාන්ත ශාලා වලට, සංචාරක ව්‍යාපාර දියුණු කරන්න, අධ්‍යාපන ක්ෂ්‍රේත්‍රය දියුණු කරන්න අවශ්‍යය කරන ව්‍යාපෘති අපිට ගේන්න පුලුවන් පිටරට වලින්, ඒක සම්බන්ධීකරනය කරන්න පුලුවන් පිටරටත් එක්ක, අපි කොයි වෙලාවකවත් කොමිස් බලාපොරොත්තු වෙන්නේ නෑ, අපිට ඕනකම තියෙන්නේ මේ රටට යමක් කරන්න, රටේ ජනතාවට යමක් කරන්න, අපි පහුගිය දවස් වල අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘති ගෙන ආවා, ඒවා එකක්වත් ක්‍රියාත්මක කර ගන්න බැරි වුණා, ඒ නිසා මම සංවර්ධන අධ්‍යාප ක්‍රමය දියුණු කරන්න අවශ්‍යය කරන සහයෝගය ඔබතුමන්ට හා ඔබතුමන්ගේ ආණ්ඩුවට ලබා දෙනවා.ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඒ කටයුතු කිසිදු බාධාවකින් තොරව, ජනතාවට හා රටට ආදරෙයෙන් කිසිම කොමිස් එකක් බලාපොරොත්තු වෙන්නේ නැතිව ඒ සම්බන්ධීකරණය අපිට ලබා දෙන්න පුලුවන් යැයි පැවසූහ.