නව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා ප්‍රධානීන් තිදෙනෙකු පත්කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාද, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සදහා ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතාද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස ආචාර්ය උදිත ගයාශාන් මහතා පත්කර තිබේ.
රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්ද වනවා.
ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනවා.
ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබා ගෙන සිටින අතර කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යාව හා කළමණාකරණය විෂය ක්ෂේත්රයෙන් ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන තිබෙනවා.
අනතුරුව ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ ව පශ්චාත් උපාධි ඩිප්ලෝමා තුනක් හිමිකර ගත් ඔහු මේ වන විට පේරාදණීය විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පිළිබඳව ආචාර්ය උපාධි අපේක්ෂකයෙක්. එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ හා පුද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය, ඩිජිටල් අලෙවිකරණය සන්නිවේදනය , අන්තර්ජාතික අලෙවි කළමනාකරණය හා උපක්රමික කළමනාකරණය යන විෂයන් වල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරනවා.