අනුර කුමාර මෙරට අන්තිම විධායක ජනාධිපති – සුනිල් හදුන්නෙත්ති

1978 වසරේ දී ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලංකාවට විධායක ජානධිපති ක්‍රමය හදුන්වා දුන්නාය. එපමනක් නොව ඔහු එම ධූරය සදහා තරග කළ අතර, ඔහුට හිමි අවස්ථා දෙකම සදහා තේරී පත්වූවාය. ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුරට පත්වුයේ ඔහුගේ අගමැති ලෙස කටයුතු කළ ආර්. ප්‍රේමදාස මහතාය.

මෙම තණතුර ස්ථාපිත කළ දවසේ සිට මෙයට දැඩි විරෝධයක් එල්ල විය. ඒ හේතුවෙන් ප්‍රේමදාස මහතාගෙන් පසුව ජනාධිපතිවරණය සදහා තරග කළ ප්‍රධාන අපේක්ෂකයින් තමන් බලයට පැමිණි විගස මෙම තනතුර ඉවත් කිරීම ඔවුන්ගේ ප්‍රධාන පොරොන්දුවක් විය. ඉන් නොනැවතී තමුන් බලයට පැමිණි විගස මෙම තණතුරු අහෝසි කරන බවට, විවිධ දේශපාලණ පක්ෂ හා සිවිල් සංවිධාන සමග ද අවස්ථා කිහිපයක දී ගිවිසුම් ගතවීම් ද සිදු විය.

නමුත්, මේ තනතුර ස්ථාපිත කර දැනට වසර 46ක් ගත වී තිබේ. මෙම ක්‍රමය වෙනස් කිරීමට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දෙවරක්ද, මහින්ද රාජපක්ෂ මහතා දෙවරක්ද, මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වරක්ද ජනාධිපති ධුරයට පත්ව තිබේ.

ආර්. ප්‍රේමදාස මහතාගෙන් පසුව ජනාධිපතිධුරය වෙනස් කරන බවට කිසිදු පොරොන්දුවක් ලබා නොදෙමින් බලයට පැමිණි එකම ජනාධිපතිවරයා වූයේ 2019 වසරේ පත්වූ ඝෝඨාභය රාජපක්ෂ මහතා පමණි.

නමුත්, මෙවර ජනාධිපතිවරණයේ දී මෙම සාකච්ඡාවට නැවත ඉඩක් විවර විය. එයට නව පණක් ලැබුනේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ඊයේ සිදු කළ ප්‍රකාශයක් නිසාය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට අන්තිම විධායක ජනාධිපතිවරයා බව සුනිල් හඳුන්නෙත්ති මහතා දිනමිණට ඊයේ (23) පවසා තිබුනි. එමෙන්ම ජනතාවගේ අරගලය ජයග්‍රහණය කර තිබෙන බවත් ප්‍රකාශ කළ හඳුන්නෙත්ති මහතා ඉතුරු වැඩ කටයුතු ටිකත් සාර්ථකව කර ගැනීමට හැකි වනු ඇති බවද කීය. මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ජනාධිපතිවරයා ජනතාව විසින් පත්කරගෙන සිටින බවද ඔහු පවසා තිබුනි.

මේ අතර සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය ද නිවේදනයක් නිකුත් කරමින් නව ජනාධිපතිවරයාගේ අවධානය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙත යොමු කර තිබේ. එම නිවේදනයේ සාරංශයක් පහත දැක්වේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය මෙන්ම සමගි ජන බලවේගය ද රටට ලබාදුන් ප්‍රධානතම පොරොන්දුවක් වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉතාමත්ම කඩිනමින් සිදුකරනු ඇතැයි තම සංවිධානය විශ්වාස කරන බව හිටපු කතානායක මෙන් ම සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය සඳහන් කරයි.

ඔහු මෙලෙස සඳහන් කර ඇත්තේ අභිනව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරමින් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස සිය අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයකිනි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන් ම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබාදීම ද ඉතාමත් ම අත්‍යාවශ්‍ය කාරණයක් බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කෙරේ. එම වැඩ පිළිවෙළ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම ද, එහි දී ඒ සඳහා සියලු ම පාර්ශ්වයන්හි සහාය සහ දායකත්වය ලබා ගැනීම ද රට වෙනුවෙන් සිදුකළ යුතුව ඇති වැදගත්ම කාර්යයක් බව ද සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

 

Social Sharing
අවකාශය නවතම පුවත්