ලෝකය පිළිබඳව මනා කියවීමක් මෙන්ම නිවැරැදි සමාජ ගවේෂණයක් ඇත්තකු වේ නම් ඔහු පූර්ණ ලෙස ලෝකය පිළිබඳව දැනුමක් ඇත්තකු වේ. එවන් මිනිසකු වූ වීරප්පුලිගේ ජයසිරි අපට සමීප වන්නේ ප්‍රබල රංගන ශිල්පියෙකු ලෙසිනි. ඔබ අප සියලු දෙනා හඳුනන ඩබ්ලිව්. ජයසිරි උපත ලැබුවේ ඉංග්‍රීසීන් විසින් ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමටත් ප්‍රථමය. වර්ෂයක් ලෙසින් සඳහන් කරන්නේ නම් ඒ 1947 වසරේදීය. ඔහුගේ උප්පැන්නයේ උපන්දිනය ලෙසත් සඳහන් වූයේ මැයි පළමුවැනිදාය.
ඩබ්ලිව්. ජයසිරි නමින් සියල්ලෝම ආමන්ත්‍රණය කරන ඔහු උපන්නේ තම මවගේ මහගෙදර පිහිටි වැලිගම පොල්වත්තේය. ඉපිද දින තුනකට පසු ඔහුගේ මව, ඩබ්ලිව්. ජයසිරිව රැගෙන ආවේ ඔවුන්ගේ නිවෙස පිහිටි ගාල්ලේ, හිරිපුර නිවෙසටය. එතැන් පටන් ඔහුගේ කුඩා කාලයේ ගෙවා දමනු ලැබුවේ එහිදීය.
තම මුල්ම පාසල ලෙසින් ඔහු ඇතුළත් වූයේ කිතලම්පිටිය c.c.c බාලිකා විද්‍යාලයටයි. ඉන් අනතුරුව හතරවන ශ්‍රේණිය සඳහා ඔහුගේ පාසල වූයේ වැලිගම සුමංගලයයි. එම පාසලේ වසරක අධ්‍යාපනයෙන් පසු මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයෙන් අකුරු කළ ඔහු පාසල් දිවිය නිම කරනු ලැබුවේ ගාල්ලේ විද්‍යාලෝකයෙනි. එයින් උසස්පෙළ සමත්වීමෙන් පසු ඩබ්ලිව්. ජයසිරි උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්විය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්විය. ආර්ථික විද්‍යාව, ඉන්දියානු ඉතිහාසය හා සිංහල විෂයයන් සමඟින් අධ්‍යන කටයුතුවල නිරත වූ ජයසිරි එකල නාට්‍යයට පෙම්බඳින්නකු බවට පත්විය. කොයිහැටි වෙතත් ඩබ්ලිව්. ජයසිරිගේ ප්‍රථම රැකියාව වූයේ ගුවන්විදුලියයි. එහිදී ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රියාකාරි සහකාරවරයෙක් ලෙස කටයුතු කළ අතර එහිදී දයා තෙන්නකෝන්, යූ. ආරියවිමල්, පීලික්ස් ඇන්ටන් වැන්නවුන් ඔහු හා ගුවන්විදුලියට එක්විය. ඒ නවසිය හැට දශකයේදීය. මේ සමයේ ගුවන්විදුලිය තුළ ප්‍රථම වෘත්තිය සමිතිය බිහිවිණි. එහෙත් ඔහුගේ මුල්ම රැකියාවෙන් තෙමසකට පසු ඔහුට ඉවත්වීමට සිදුවූයේ වැඩ වර්ජනයකට සම්බන්ධ වූ නිසාවෙනි. එහෙත් කෙටිකලකට පසු 1971 සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ ඔහුට ගුවන්විදුලියේ දොර යළි විවර විය. මේ සමයේ ඔහු විසින් නිර්මාණය කරන ලද වැඩසටහනක් වූයේ “යෞවන ලංකා” වැඩසටහනයි. යළිත් ඩබ්ලිව්. ජයසිරිට 1971 කැරැල්ලත් සමඟින් ගුවන්විදුලියෙන් පිටමං වන්නට සිදුවිය.
මේ සමයේ නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කළ සුගතපාල ද සිල්වා ඔහුගේ මිත්‍රයකු බවට පත්වීම ඩබ්ලිව්. ජයසිරිට අනාගතය සොයායන්නට පාර පෙන්වා දීමක් වැනි විය. ඔහු හා එක්ව නාට්‍යය නිෂ්පාදනය කළාවූ හිත මිත්‍රයින් පිරිස හඳුන්වාදෙනු ලැබුවේ “අපේ කට්ටිය” නමින්. එම පිරිසට එක්වූවන් අතර සුගතපාල ද සිල්වා, සිරිල් බී පෙරේරා, රැලෙක්ස් රණසිංහ, පී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, වික්‍රම බෝගොඩ, ටෝනි රණසිංහ, ප්‍රේම ගනේගොඩ, නාමෙල් වීරමුණි, මාලනී වීරමුණි, හේමන්ත වර්ණකුලසූරිය, අජිත් තිලකසේන කරුණාරත්න සපුතන්ත්‍රි, මොටාගෙදර වනිගරත්න වැන්නුවුන් සිටි අතර ඩබ්ලිව්. ජයසිරිගේ නමද ඒ අතර කියැවිණි. අපේ කට්ටිය” නිෂ්පාදනය කළ නිල්කටරොළු මල්, දුන්න දුනුගමුවේ, මුතු කුමාරි යන නාට්‍ය හා හෙතෙම සම්බන්ධ වූ අතර යම් හිත් අමනාපකමක් මත ඔහු හා තවත් පිරිසක් දුන්න දුනුගමුවේ නාට්‍යෙයන් ඉවත්විය. අනතුරුව යළිත් ඔහු සුගතපාල සිල්වා සමඟ එක් වූයේ මරාසාද් නාට්‍යයත් සමඟිනි. එහි විශේෂත්වය වූයේ නාට්‍යෙය් නිෂ්පාදන වියදම් දරනු ලැබුවේද ඩබ්ලිව්. ජයසිරි විසිනි.
මේ අවධියේදී ධර්මසේන පතිරාජයන් හා එක්වූ ඔහු ‘බඹරු ඇවිත්’ චිත්‍රපටය හා එක්විය. මෙම චිත්‍රපටය වෙනුවෙන් ඔහු රචනා කළ හඳුනාගතහොත් ඔබ මා” ගීතය බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය. හෙතෙම තම මුල්ම ගීය ලෙසින් රචනා කරන ලද්දේ සනත් නන්දසිරි ගායනා කරන නිදිකුම්බා මල් ගීතයයි. ගීත රචනාවන් සම්බන්ධයෙන් ඔහු වැඩි කැපකිරීමක් නොකළ මුත් ගීත 23ක් පමණ රචනා කරන්නට ඩබ්ලිව්. ජයසිරි සමත්විය. මේ අතරින් ඔහු රචනා කළ තවත් ජනප්‍රිය ගීතයක් වන්නේ “ලොරෙන්සෝද අල්මේදා” ගීතයයි.
70 දශකයේදී චිත්‍රපට රංගනය වෙනුවෙන් සම්බන්ධ වූ හෙතෙම, දාහතේ එකෙක්, දියමන්ති, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, ෙසලීමා, චිට්ටි, අයෝමා, වීසිදැල, බවදුක, බවකර්ම, දුවට මවක මිස, දරු උපත, මේ මඟේ සඳයි, මමත් ගැහැනියක්, අරුමෝසම් වැහි, සත්කම්පා, සුදු කළුවර, තනි තටුවෙන් පියාඹන්න, මිල්ලෙ සොයා, සංක්‍රාන්ති, ගාමණී ඇතුළු චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වූ අතර ටෙලිනාට්‍ය ගණනාවකට ද රංගනයෙන් සම්බන්ධ විය.
මේ අතර 1980දී බඹරු ඇවිත් චිත්‍රපටය වෙනුවෙන් හොඳම ගී පද රචනයට සම්මාන දිනාගත් අතර 1997 දී හොඳම සහාය නළුවාට හිමි සම්මානය ද 2011දී දෙරණ සිනමා සම්මානය ද දිනාගන්නට විය. එමෙන්ම 2012 දී හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ගාමණී චිත්‍රපටය වෙනුවෙනි. දැන් ඩබ්ලිව්. ජයසිරි මෙලොව හැර ගොස් අවසන්ය. වරක් මාධ්‍ය සාකච්ඡාවකදී තම කතාව ඔහු නිමකළේ,
“ම ආපහු ඉපදුනොත් මගේ ජීවිතේ මේ කරපු කිසිදෙයක් ආපහු කරන්නෑ? යනුවෙනි. ඉතින්, රංගනවේදියාණෙනි, මේ සුබ සිහින දැකීමේ දිගු නින්දක ඇරඹුමයි.
ඔබට සුවබර නින්දක්
දිනමිණ