ජනාධිපති අපේක්ෂක 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වේ.

The bail money of 35 presidential candidates will be confiscated.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙකුගේම ජනාධිපතිවරණය උදෙසා තැබූ ඇප මුදල් රාජ සන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ අනුර කුමාර දිසනායක මහතා, සමඟි ජන බලවේගය පක්ෂයෙන් තරඟ කල සජිත් ප්‍රේමදාස මහතා හා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හැර ජනාධිපතිවරණයට තරඟ කළ සෙසු අපේක්ෂකයන්ගේ ඇප මුදල් රාජසන්තක වන බවත් වැඩි මනාප ලබාගත් අනුර කුමාර දිසානායක මහතාගේ, සජිත් ප්‍රේමදාස මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප මුදල් නැවත ලබා දෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඒ අනුව ජනාධිපතිවරණයේ දී තරඟ වදින අපේක්ෂකයන්ගේ ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 12.5%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් එවිට ඔවුන්ගේ ඇප මුදල් ආරක්ෂාවන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ අනුව මෙවර ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු අනුර කුමාර දිසානායක මහතා 42.31%ක් සජිත් ප්‍රේමදාස මහතා 32.76%ක් හා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා 17.27%ක ප්‍රමාණයක ඡන්ද ලබාගෙන ඇති හෙයින් ඔවුන්ගේ ඇප මුදල් රාජ සන්තක නොවන බවත් රාජසන්තක වන ඇප මුදල් මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට බැර කෙරෙන බවද මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් ප්‍රකාශ කරයි.

Social Sharing
අවකාශය නවතම