ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වේ

Mr. Anura Kumara Dissanayake is elected as the 9th Executive President of Sri Lanka

 

මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිල වශයෙන් නිවේදනය කළේය.

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසුමේ අවසන් ප්‍රතිඵලය දැනුම් දීම සඳහා මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසීය. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි. දෙවැනි සහ තුන්වැනි මනාප ගණනය කිරීමේදී අනුර දිසානායක මහතා මනාප 105,264ක් ලබා ගත් අතර, ඒ අනුව ඡන්ද සංඛ්‍යාව 5,740,179 දක්වා ඉහළ ගිය බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය

Social Sharing
අවකාශය නවතම පුවත්