දෙවනි මනාපය ගණනය කිරීම ඇරඹෙයි.

Second preference counting begins.ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට ජනාධිපතිවරණයක දී දෙවැනි මනාපය ගණනය කිරීම නිල වශයෙන් ආරම්භ කර ඇත. ඒ අනුව කිසිදු අපේක්ෂකයකු මනාප ප්‍රතිශතය 50%ට වඩා වැඩි ප්‍රමණායක් ලබා නොගැනීම නිසාවෙන් ජනාධිපති අපේක්ෂක ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක හා සමඟි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හැර සෙසු අපේක්ෂකයන් මෙම ජනාධිපතිවරණයේ තරඟයෙන් නුසුදුස්සකු වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මින් සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර ඇත. මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර තවද, පළමු ගණන් කිරීමේදී කිසිදු අපේක්ෂකයෙකු නියමිත ඡන්ද ප්‍රතිශතය ලබාගෙන නොමැති බැවින් අනෙකුත් ඡන්ද පත්‍රිකා අතරින් ප්‍රමුඛ අපේක්ෂකයන් දෙදෙනා වන අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන අයගේ මනාපය අවසන් තීරණයක් සඳහා ගණන් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

Social Sharing
අවකාශය නවතම පුවත්