2024 ජනාධිපතිවරණයයේ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 21) සවස 4.00ට අවසන් විය.
ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක පැවසුවේ ය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් සැප්තැම්බර් 21 වන දින, එනම් අද දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, තැපැල් ඡන්ද ගණනය කිරීම සවස 5.00ට ආරම්භ වන බවත් පළමු ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්රියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ය.
ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා වන ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 21) උදෑසන 7.00ට ආරම්භ විය.
ජාත්‍යන්තර සහ දේශීය මැතිවරණ නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ රාජකාරි සඳහා එක්ව සිටියි.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත් වන අතර, එයින් එක් අපේක්ෂයෙකු ජනාධිපතිවරණයට පෙර මිය ගිය නමුත් ඔහුගේ නම ද ඡන්ද පත්‍රිකාවේ සඳහන් වේ.
ඉතිහාසයේ දීර්ඝතම ඡන්ද පත්‍රිකාව මෙවර ජනාධිපතිවරණය සඳහා මුද්‍රණය කළ නිල ඡන්ද පත්‍රිකාවයි.